(ටී.කේ.ජී.කපිල)
මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටි තවත් දෙදෙනෙක් එරටින් පිහිටුවහල් කරනු ලැබ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් ශ් රීලංකාවට පැමිණියහ.
අද අලුයම 5.04 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මේ දෙදෙනා වන්නේ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් සහ මොහොමඩ් ජබීර් මොහොමඩ් මුෆා ය.
මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් බාර ගනු ලැබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සදහා බාර දී තිබේ.


COMMENTS
රටට සත පහක වැඩක් නැති මොවුන්ව අයුධ පෙන්වන්න අරන් යන්න....
ඩුබායි රටින් පිහිටුවහල් කරනු ලැබ මේ සේරම එකට සෙට් වෙන්න කලින් යමක් කලයුතුයි. මේ රටේ නීතියේ තිබෙන හිලෙන් මෙහෙ සමහර නීතිවෙධියෝ රිංගල සහ දේශපාලන අනුග්‍රහයෙන් ඇප අරන් එලියට එන්න පුළුවන්. එහමනං තවත් ජීවිත රාශියක් අනතුරේ.
මරණ දණ්ඩනයට ඊයම උණු වෙලේ සුදා තවමත් ඇතුලේ ඉදන් කුඩු පාතාලේ මෙහෙයවන රටක් වෙච්ච ලංකාවට මේ අපරාධකාරයින් රැගෙනවිත් බන්ධනාගාරගත කිරීම යනු ඔවුන්ට ඔවුන්ගේ ජීවිත ආරක්ෂාකර ගනිමින්ම සුපුරුදු පරිදි අපරාධ කිරීමට අවශ්‍ය පසුබිමක් සැකසීම නොවෙයිද? මොවුන් ජීවත්ව සිටීමම යනු සාමාන්‍ය පුරවැසියන් වන අපට මහත් තර්ජනයකි. වර්තමාන පාලකයින් සිය පුරවැසියන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට අපොහොසත්වී තිබේ. එහෙයින් ජනතාව සිටින්නේ ජීවිත තර්ජනය සමග දැඩි පීඩනයකින් හා කලකිරීමකින්ය.
අර ඉන්දුනීසියාවේ කඩන් වැටෙන ෆ්ලයිට් එකක් දාලා එවන්න ඔක්කොම එකසැරේට. මගදීම ඉවරයි ඔක්කොම...