(තිළිණි ද සිල්වා)
ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ (03) දිනයේ දී අමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති අතර එමීරයේ අගනුවර වන අබුඩාබි නුවරදී මෙම විශේෂ හමුව සිදු වූ බවද එම රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ සංදේශයක් එරට විදේශ අමාත්‍ය අන්වර් බින් මොහොමඞ් ගර්ගාෂ් මහතා හමුවේ බාර දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතුළු දෙරට අතර බලපාන ද්විපාර්ශවික ගැටලු නිරාකරණය කර ගැනීම් පිළිබඳවද තිලක් මාරපන අමාත්‍යවරයා එමීර් විදේශ අමාත්‍යවරයා සමඟ දීර්ඝ සාකච්ඡා පවත්වා ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් කිහිපදෙනෙකුම පසුගිය දින කිහිපයේදී නිල දැනුම්දීමකින් තොරව ලංකාවට එවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් පත්ව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා එමීර් විදේශ අමාත්‍යවරයා හමුවේ කරුණු සැලකර ඇතැයිද දැන ගන්නට ලැබේ.
මෙම සංචාරය අමාත්‍යවරයා පෙර සැලසුම් කළ සංචාරයක් නොවන බවද රජයේ ආරංචි මාර්ග කියා සිටී.
මේ අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ එමීර් විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සිදුවූ මෙම හමුව සම්බන්ධයෙන් එමීර් විදේශ කටයුතු අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ තොරතුරු දක්වා ඇතිර අතර එහි සඳහන් වන්නේද තිලක් මාරපන අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ පණිවිඩයක් එරට විදේශ ඇමති බාර දුන් බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මනුස්සයා ඩුබායි රටේදී මොනවා හරි නීති විරෝධී වැඩක් කරලා තියෙනවා නම් ඒගොල්ලන්ට අවශ්‍ය දඬුවම් ලබාදෙන්න කියලා කියන්නේ නැතුව මොන එකකටද මේ එයා ආපහු ලංකාවට වඩාගෙන එන්න හදන්නේ? මෙහෙ හිරගෙවල් වල ඉන්න කට්ටිය කරන වැඩ ගැන කවුරුත් දන්නවානේ. ඉතින් ඔය මනුස්සයා ලංකාවට ගෙන්නලා හිරේ දැම්මොත් ඉබ්බා වතුරට දැම්මා වගේ තියෙයි.
ගිහින් අරන් එන්න නියම එක්කෙනානේ.. ඇයි සිංගප්පුරු ගිහින් අර මහ බැංකු හොරා ගෙන්න බැරි.. බඩේ අමාරුවක් හැදුනත් මෙයාල යන්නේ සිංගප්පුරුනේ...
මේ කඩයිම් අවස්ථාවේදී අපේ රටේ බුද්ධි අංශයන් වෙත වැදගත් රාජකාරියක් පැවරී ඇත.
ජනාධිපතිතුමා කලින් කිව්වා ජිනීවා ගිහින් මානව හිමිකම් කොමිසමට ආණ්ඩුව කියන්න බලාපොරොත්තුව හිටපු දේ නෙමෙයි තමන් ලියල දුන්න දේයි මාරපන කිව්වේ, නැත්නම් රට ඉවරයි කියල. දැනුත් එහෙමයි. දැන් දැන් ජනාධිපතිතුමා විධායක බලතල හරි විදිහට පාවිච්චි කරනවා වගෙයි. හැබැයි, මාරපන ජනාධිපතිතුමාගේ වැඩ කරනවා කියල ඇතුලෙන් විරෝධතා එයි. එහෙම වුනොත් මාරපන ඩුබායි යනකොට කළුවා මාරපන යන්න ඉඩ තියෙනවා.
ගේන්නද ටිකට් හදල කොහාට හරි යවන්නද
බේරාගන්නද යන්නේ
අන්ගුලිමාලයව උනත් මෛත්‍රීයෙන් යහ මගට ගැනීමට පුළුවන් වුනානේ. එකහින්දා ඔය අහිංසකයාවත් මෙහෙට එක්කගෙන ඇවිත් ඔලුව අත ගාල ඉහල ශ්‍රේණියෙන් මෛත්‍රී පොජ්ජක් දාලා යහපාලන ප්‍රතිපත්තියෙන් කටයුතු කලොත් හදා ගන්න පුළුවන් වේවි. ලබන ජනාධිපතිවරනේදී පොදු අපේක්ෂක හැටියට ඉදිරිපත් කලොත් ජය නියතයි.
සැවොම එකතුවී මේ උවදුර දුරුකර ගැනීමට වෙහෙසීම අගය කලයුතු දෙයක්. ඒත්, මේ මධූෂ් ට සම්බන්ධ හා උපකාරගත් පාර්ලිමේන්තුවේ සිටින අය මොවුන් බේරාගෙන තමන් ආරක්ෂාවීමට දැනටමත් උගුල් අදිනවා වෙන්න පුළුවන්. මේවා ගැන ජනතාව දැඩි විමසිල්ලෙන් සිටීම වැදගත්.
කුඩු කාරයෝ පාතාල නායකයෝ එල්ලන්න කාලය හරි නැත්නම් වෙන්නේ සාමාන්‍ය මිනිසුන්න්ට රට අතහැර පිට රටක පදිංචි වෙන්න එහෙම නැත්නම් බෙල්ලේ වැල දමාගන්න ,
අපේ ගොයියෝ පාර්ලිමේන්තුවේ හැසිරෙන හැටි දැක්කහම ලෝකේ කිසිම රටක උන් අපේ රටේ දේශපාලකයෝ තඹ දොයිත්තුවකට මායිම් කරයි ද?
එයාව ගෙනෙන්නේ නැතුව බැහැ, එහෙ නඩු අහුවොත් අපේ අර දේශපාලුවන්ගේ නමුත් එලියට එනවා, ඒ නිසා ගේන්නම ඕන
අර්ජුන් මහේන්ද්‍රන්ලා ජාලියලා ගේන්න නම් මෙහෙම උනන්දුවක් නෑ නේ !
මදුෂ්ගේ සල්ලි වලට විදින්න වගේ යන්නේ කෂ්ටිය. අපි නොදන්න මොණර තැන්න!
කළුවා මාරපන ගියපු කතාවේ දෙවන දිගහැරුම
කළුවා මාරපන ගියා වගේ තමයි.
මොකටද ඔය මනුස්සයාව මෙහෙට උස්සාගෙන එන්නේ? ඊළඟට කියන්න එපා ඔන්න අසවලා හිරෙන් පැනලා, මුළු රටේම ගෙවල් අස්සේ සොයන්න වෙනවා කියලා.