(තරිඳු ජයවර්ධන සහ දිල්රුක්ෂි ග්‍රේරු)
මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් බර් ඩුබායි පොලිසියේ විමර්ශන අවසන් වී ඇතැයි එරට ආරංචි මාර්ග කියයි.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළ බවට වාර්තා පළ වුවද මේ වන තෙක් කිසිම සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර නැතැයි එම ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවේ සිටින සැකකරුවන් කිහිප දෙනෙකු කොකේන් භාවිතා කර නොසිටි බවද එම ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ වන තෙක් කිසිම සැකකරුවකුට ඇප ලබා දී නොමැති අතර ඔවුහු බර්ඩුබායි පොලිසියේ රඳවා සිටිති.
විමර්ශන අවසන් නිසා අධිකරණයට ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් එරට පොලිසිය කඩිනම් තීරණයක් ගනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.
COMMENTS
මධුෂ් මත්ද්‍රව්‍ය භාවිත නොකර සිටි නිසා ඔහුට විරුද්ධව ඇත්තේ හොර වීසා මගින් ඩුබායිහි සිටීම යන චෝදනාව පමණයි. ලංකාවේ ඔහු සිදු කළ මිනීමැරුම්, කුඩු ජාවාරම් වලට ඩුබායි අධිකරණයට දඬුවම් කළ නොහැක. ඩුබායි වල ඔහු කිසිම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් සිදු කර නොමැති නිසා ඉක්මනින් මොහු රටින් පිටුවහල් වේවි... ලංකාව වෙනත් රටවල් සමග අපරාධකරුවන් හුවමාරු කරගැනීමේ ගිවිසුම් හිතාමතාම අත්සන් නොකර සිටි නිසා අද ජාත්‍යන්තරයෙන් සහයක් ලබාගැනීමට නොහැකිව කොන් වී ඇත. ලංකාවේ දේශපාලකයින් සිටිනතුරු අපට කිසිදා නිදහසේ ඉන්නට නොලැබේවි..
අපි මේ ආසාවෙන් බලං ඉන්නේ ඔතන හිටින කුඩ්ඩො සෙට් එකේම ගෙල සිඳිනවා ඉක්මනින් දකින්නයි.
ලොකු මහත්මයා දැන්වත් කටමැත දෙඩවීම නවතා අපරාධකරුවන් හුවමාරු කරගැනීමේ ගිවිසුම වැනි ගිවිසුම් දැන්වත් අත්සන් කිරීමට කටයුතු කරන්න...
ඔන්න පොලීසි ..... දවස් කීයද ගියේ වැඩේ ඉවරයි.
ලංකාව වෙනත් රටවල් සමග අපරාධකරුවන් හුවමාරු කරගැනීමේ ගිවිසුම් හිතාමතාම අත්සන් නොකර ඉන්නේ බොහෝවිට, දේශපාලකයින් හට හොරකම් කර මේ රටවලට ගොස් සැඟවී සිටීමේ අවස්ථාව ඉන් අහිමි වන බැවින් විය හැකියි.
රාජපක්ෂලා එයාලගේ කට්ටියක් බේරගන්න දැඩි උත්සාහයකලු..
මේ ඔක්කොම එකයි. දැන් ඔය ඔතන ඉන්න රයන් වැගන් ආර් ද මොකාද එකා මුකුත්ම දන්නේ නැති බබා. අර කීර්ති පස්කුවෙලුත් කලාකාරයන් ලංකාවට ගෙනත් ඔවුනට සහනයක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. නීතිය කියන්නේ හැමෝටම එකයි. කාලාකරයන්ට පොලිස්කාරයන්ට දේශපාලකයන්ට රණවිරුවන්ට පුජ්‍ය පක්ෂයට දොස්තරයන්ට කියා වෙනසක් නොවීය යුතුය. මේ අපරාධකාරයන්ට දෙන සහනයන් නිසා තමයි නිදහසෙන් පස්සේ රට සොමාලියාවටත් පහලින් නොදියුණු ගෝත්‍රික රටක් වෙලා තියෙන්නේ
කට අැරන් බලන් ඉමිමු මෙකෙද කරන්නෙ කියලා ඩුබායි පොලිස් වුණත් සමහර අය ෂුවර් නැහැනෙ අත්දැකීමි අැති දන්නො දනිති.මත් දව්‍ය භාවිතා කර නැතිනමි කල හැකි කිසිවක් නැත.
මදුෂ් ලංකාවට ගෙනාවොත් මිනිහ නිදහස්...
කාර්‍යක්ෂමතාව ඉහළ පොලීසියක් අපේ රටටත් ආදර්ශයක්
මේ නාටකෙත් අවසානය පුස්සක්... මේ රටේ දේශපාලකයෝයි, පාතාලෙයි, කුඩු ජාවාරමයි ඉන්නේ "සමකෝනි ත්‍රිකෝණයකි ඔබත් මමත් "ඔබත් " තිදෙනා " කියාගෙන එක එදත් එහෙමයි අදත් එහෙමයි මත්කුඩුවලට නම ගෑවිච්ච අයව හෙලිකොප්ටර් වලින් ගිහින් ඉඹිණ, විවාහ උත්සවවලට පාතාලය, අනුග්‍රහය දක්වන දේශපාලකයන් ඉන්න මේ රටේ කවදාවත් ඕක නැතිවෙන්නේ නැහැ. පුදුම නැහැ. අවාසනාවන්තම දේ තමයි මදුෂ් එක්ක අහුවෙච්ච කලාකාරයන් හමගහන අය (මාධ්‍යයත් ඇතුළුව -- අර අය හරි කියනවා නෙමෙයි) මේ දේශපාලකයන් ගැන මිසක් නැති එකයි. අඩු ගණනේ විකල්ප මාධ්‍යයත් මේ ගැන නිහඬයි. මම ඉන්න මතය තමයි. මේක හරි යන රටක් නෙමෙයි...
මෙතන අදහස් වලින් පැහැදිලිවම ගම්‍ය වන්නේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන විදිහ සහ රටේ පොදු ජනතාව බලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන දරන මතය. සත්‍යයත් එයයි. ලංකාවේ දේශපාලනය මිනිසුන්ගේ සිත් වැදී තිබෙන ආකාරය මොනවට පැහැදිලි කරනවද? ජනතා සේවයේ මූලික පරමාර්ථය පසෙකලා මිල මුදල්, යාන වාහන, බලය සහ දුරාචාරවලට කෑදරවෙමින් හොඳ නොහොඳ තෝරා නොගනිමින් තමන්ගේ වාසිය පතාම දේශපාලන බලය භාවිතා කිරීම නිසා ඇතිවූ අනිසි ප්‍රතිඵල ඔඩු දුවා ඇති මෙවන් අවධියක සුන්දර පැහැපත් දේශපාලන ගමනක් ගැන පවා සිතීම සිහිනයක්ම පමණයි. තමන් අත මුදල් යහමින් ගැවසෙනවා නම් තමන්ට රිසිසේ ඕනෙම දෙයක් කර නීතියෙන් බේරීමට ඕනෑ තරම් නීතියේ මුර දේවතාවන් උදව් උපකාර කරන්න සැදී පැහැදී සිටින වගත් අප දනිමු. එය කොයි රටෙත් වන දෙයක් නමුත් ලංකාවේ එය උපරිමයට ඇවිත් වගද අප සිහියේ තබා ගත යුතුය. එමනිසා සිදුවෙන දෙයක් උපේක්ෂාවෙන් බලා අවශ්‍ය පැහැදිලි වෙනස ඊළඟ මැතිවරණයකින් නොපමාව ඉටු කරන මෙන් සියලුම ජනතාවගෙන් කාරුණිකව ඉල්ලමි.
ෂාහ්. මර ඉක්මන් නේ. ලංකාවේ පොලිසිය වගේමයි. අපි හිතුවේ අවුරුදු 3 ක් විතර රිමාන්ඩ් කරලා පස්සේ සාක්ෂි නෑ කියලා නිදහස් කරයි කියලා ලංකාවේ වගේ.
මෙකත් ෆෙස් බුක් එකට පොඩි චුන් එකක් දුන්න සින් එකක් ආන්ඩුවෙන් නම් කරපු කිසිම මගුලක් නෑ.
අපේ ඊ ළඟ පොදු ජනාධිපති අපේක්ෂකයා මධුෂ් වහාම ලංකාවට ගෙන්වන්න !!!
මෙම ජවනිකාව අතර ආණ්ඩුව අනිත් ඒවගෙන් කර අරිමින් සිටි. මෙම නාටකය හුදෙක් ජනමනයාගේ ඔලු වෙනතකට හරවන්න යෙදු උපායකි
ඊළඟ මැතිවරණයෙන් මාකදුරෙන් මදුෂ් මල්පොහට්ටුවෙන් ඡන්දේ ඉල්ලුවොත් අපි පුදුම වෙන්නේ නෑ..