IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


‘මධූෂ්ගේ’ වෙඩික්කරුගේ නිවසින් හමුදා ඇඳුම් සමඟ ජීව පතොරම්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුවකු ලෙස සැළකෙන යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප්‍රල්වරයකුගේ කඹුරුපිටිය නිවසක් පරික්ෂා කිරීමේදී යුද හමුදා නිල ඇදුම් තොගයක් හා ටී 56 වර්ගයේ ජීව පතොරම් 21 ක් ඇතුළු යුද උපකරණ රැසක් අද (25) සොයා ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

එම දේපොල සමඟ නිවස හිමි අදාළ සැකකරුගේ පියා ද පොලීසිය සැකපිට ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගනු ලැබීය.

මාකඳුරේ මධූෂ්ගේ සමීපතම මිතුරකු ද වන සැකකාර ලාන්ස් කෝප්‍රල්වරයාගේ පන්නිපිටියේ නිවසේ තිබී රුපියල් කෝටි 700 මැණික් මංකොල්ලයට උපයෝගීකර ගත් බවට සැකකරන අත් විලංගුවක් ද පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

යුද හමුදා නිල ඇඳුම් සමඟ යුද හමුදා හිස් වැසුම්, ලාංඡන, බොත්තම් ආදී දේපොල රැසක් ද හමු වී තිබේ.

මැණික් ගල් මංකොල්ලයට අමතරව ඉකුත් වසරේ නොවැම්බර් 4 වැනි දා හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ලොකුහකුරුගේ ශාන්ත මහතා ඝාතනය කිරීම හා කඹුරුපිටියේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම ආදී අපරාධ රැසකට අදාළ යුද හමුදා සාමාජිකයා සම්බන්ධ වී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ඒ සියල්ල සිදුකර ඇත්තේ මාකදුරේ මධූෂ් නැමැත්තාගේ මෙහෙයවීම මත බවද පොලීසිය සඳහන් කරයි.

සපුගස්කන්ද යුද හමුදා කඳවුරේ සේවය කාලයේ දී ඔහු මෙම අපරාධ වලට සම්බන්ධ වී තිබේ. ඔහුව අත්අඩංගුවට ගැනීමට සොයන විට රාජකාරියෙන් පලා ගොස් දැනට සැගවී සිටින බවද පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර ලාන්ස් කෝප්‍රල්වරයාගේ 53 හැවිරිදි පියා හෙට (26) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (14)

‘මධූෂ්ගේ’ වෙඩික්කරුගේ නිවසින් හමුදා ඇඳුම් සමඟ ජීව පතොරම්

smn Monday, 25 February 2019 11:31 AM

සාපරාධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වැරදිකාරයන් හා බඩුභාණ්ඩ සොයා අල්ලා ගැනීම සම්බන්ධයෙන් අපේ පොලිසිය මෑත කාලයක සිට දක්වන උද්‍යෝගශීලිභාවය හා කාර්යශීලිත්වය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි….ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අපේ උත්තමාචාරය !!!

:       38       398

Neel Perera Monday, 25 February 2019 12:06 PM

රණවිරුවන් දඩයම් කිරීම නැමති ප්‍රශ්නය පැනනගින්නේ නැද්ද?

:       325       174

Ruhunu Monday, 25 February 2019 12:55 PM

දිනපතා බදු නම් හම්බවෙනවා. නමුත් දඬුවමක් දෙන බවක් නම් අපට පෙනෙන්නට නැත.

:       0       112

sirimal Monday, 25 February 2019 12:59 PM

ලෝකයේ මොනම රටකවත් පොලිස් වැටලීමකින් අල්ල ගන්නා නඩු භාණ්ඩ ඒවා අල්ලාගත් නිලධාරීන් විසින් අත් වැසුම් නොමැතිව අත පත ගානවා අප නම් දැක නැත. මෙවැනි අවස්ථාවලදී සියලුම නිලධාරින් බදු පරික්ෂා කරන්න අත්වැසුම් පැළඳ ගෙන බවයි අප දැක ඇත්තේ.... මෙවැනි කටයුතුවලින් එම බඩු බාහිරාදිවල ඇති ඇඟිලි සලකුණු සහ වෙනත් ද්‍රව්‍ය නාස්ති වෙනවා නේද?

:       4       427

RaveendraMonday, 25 February 2019 02:19 PM

sirimal මයා වෙත, ඔබගේ නිරීක්ෂණ ඉතාමත්ම නිවැරදියි. ඇත්තෙන්ම අපද මෙය මීට පෙර කීපවිටක්ම මේ පිළිබඳව සඳහන් කර ඇති බවද කිව යුතුය. මෙහි ගැටළුව තියෙන්නේ ඔබ මෙන්ම අපද සාමාන්‍ය පුරවැසියන් බවත්, අප එසේ අත පත ගාන්නේ නම් එහි කිසිදු වැරද්දක් නැත. මක්නිසාද යත් අපට අපරාධ බඩු බාහිරාදියේ ඇති ඇඟිලි සලකුණු පිළිබඳ කිසිදු හැඟීමක් නැති නිසාය. නමුත් මේ සියලුම දේවල් සිද්ද කරන්නේ ඒ පිළිබඳව වැඩි අද්දැකීම් මෙන්ම සමහර විට හසල දැනුමක් තිබෙන, එ් පිළිබඳ වැඩි අධ්‍යාපනයක් ලබපු නිලධාරීන් වීම හාස්‍ය උපදවන්නක්ය. අනිත් වැදගත් කරුණම මෙවන් සිදුවීම් අප සෑමවිටම දැක තිබෙන බවත් ඒ පිළිබඳව කිසිඳු නිලධාරියෙකුගේ තැකීමක් නැති බව නම් හොඳින් දිස්වේ. කෙසේවෙතත් අප විශ්වාස කරනවා. අපගේ මෙම අදහස් පිළිබඳව සියලුම පොලිස් නිලධාරීන් යම්කිසි හෝ අවධානයක් දක්වයි කියා..

:       0       137

sandy123Monday, 25 February 2019 03:31 PM

සිරිමල්,රවීන්ද්‍ර - ඔබ දෙපලගේ අදහස් ඉතාමත් වටිනා අදහස් ලෙස පළමුව ප්‍රකාශ කරමි. නමුදු මම මේවා වෙනත් කෝණයකින් බලමි. රවීන්ද්‍ර පැවසු පරදී මේ අංශයන් කෙරෙහි හසල දැනුමක් ඇති පුද්ගලයන් මෙයින් ගත යුතු ඇගිලි සලකුණු සහ වෙනත් අමතර සාක්කි මෙම ඡායාරුපය ගැනීමට පෙර සටහන් කර වග ඇති වග මම සිතමි. නැතුව සාක්කි විකුර්ති වෙන විදිහට මේවා පරිහරණය කරන්නේ නැති වග මට විශ්වාසයි. අනිත් කාරණය මෙය ඡායාරුපයට පමණක්ම බව මතක තබා ගන්න. ඔවුන්ට අවශ්‍ය නම් ඡායාරුපයට ඒ හා සමානම තමන් භාවිතා කරන බඩු මෙයට උපයෝගී කර ගත හැක.

:       0       114

SamarasingheMonday, 25 February 2019 04:59 PM

ඇත්ත, යුද සමයේදී ක්‍රියාන්විතයේ යෙදුන සෙබළුන්ට ජංගම දුරකථන භාවිතය තහනම් කරන්න කියල අපි ඉල්ලීම් කලා. නමුත් ඒවා සිද්ද වුනේ නැහැ, එයින් කොතරම් ප්‍රශ්න ඇතිවුනාද. වැඩි විස්තර අවශ්‍ය නැහැ ඔබල දන්නවනේ මම ආරක්ෂක උපදේශන අංශයට සම්බන්ද විශ්‍රාමිකයෙක්. මේ භාණ්ඩ දැන් නඩු භාණ්ඩ, ඒ සම්බන්දයෙන් අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටියක් පොතේ තියනවා

:       0       63

dasun Monday, 25 February 2019 03:25 PM

සිරිමල් මේවා මාධ්‍ය සංදර්ශන. නඩුවලට අදාල දේවල් කරලා අවසන් වෙලා තියන්නේ. ඊට පස්සේ තමයි මාධ්‍ය සංදර්ශන තියන්නේ.

:       0       145

hesa Monday, 25 February 2019 09:13 PM

පිලිපින් ජනාධිපතිතුමාට බැරි වෙයිද දන්නේ නැහැ නේද මාසයකට දෙකකට වගේ අපේ රට ඉල්ලං කරන්න

:       0       49

abaran Monday, 25 February 2019 09:15 PM

අර දසුන් කිව්වා වගේ අපේ රටේ අපරාධකරුවන්ට සහ මෙහෙයවන්නන් හට කිසිම අනතුරක්වත් අනතුරක සේයාවක්වත් නැහැ.

:       0       42

Bamunuarachchi Monday, 25 February 2019 11:52 PM

මදුෂ් කියන්නේ 100% දේශප්‍රේමියෙක්. මොහුට ඕනේ වෙලා තිබ්බේ ලංකාව ආර්ථික වශයෙන් වැදගත් තැනකට ගෙන්න. මොහු ගත්ත ක්‍රියාමාර්ග හැම එකක්ම හරි නැ, ඒ වුනත් පරමාර්ථය නිවැරදි.

:       71       2

ane sangsareTuesday, 26 February 2019 04:14 AM

මෙයා කිව්වොත් මෙහෙම එකක් තමයි කියන්..... හිනාත් යනවා වෙලාවකට....

:       0       1

sandy123Tuesday, 26 February 2019 05:35 AM

මට නම් දුකයි වැටිලා ඉන්න අගාදයෙන් ගොඩ එන්න කොහෙත්ම පුළුවන්කමක් නැති කමට ....පව් ....

:       0       2

de silva berlin Friday, 01 March 2019 07:51 PM

පොලිසිය කියන විදිහට බලාගෙන ගියහම මදුෂ් කියන මේ අට වසරවත් සමත් නැති කෙනාට ලංකාව පුරාම ආයුධ සන්නන්ධ ගෝලයෝ ඉන්නවා. ඔහුට වුවමනාවක් තිබුනා නම්, එකවර පොලිස් මුලස්ථානෙට ජනාධිපති මන්ධිරයට පහර දීලා රටම වුනත් අල්ල ගන්න පුළුවන්කම තිබිලා තියෙනවනේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අගමැති හරිනි ක්ලීන් වැඩසටහනේ
2025 පෙබරවාරි මස 09 86 0

’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවස


වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ නව සභාපති බෙල්ලන
2025 පෙබරවාරි මස 09 55 0

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ 2026 වසර සඳහා නව සභාපතිවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පසුගිය සත


යුද හමුදාපතිට පාසලෙන් උපහාර
2025 පෙබරවාරි මස 09 59 0

කොටහේන ශාන්ත බෙනදික්ත විද්‍යාලය අධ්‍යාපනයට වඩා තමන්ගේ ජීවිතයට වටිනාකමක්, ශක්තියක් සහ අරමුණක් ලබාදී ජීවිතය ගැන කියාදුන් බව යුද හමුදාපති ලුතිතන් ජනරා


ඉන්දු ලංකා තරුණ-ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරු හමුවෙති
2025 පෙබරවාරි මස 09 29 0

ඉන්දියාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා සහ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරුන් අතර හමුවක් ඉ


කොළඹ ගිනි ගැනීම් දෙකකින් කෝටි ගණනක අලාභයක්
2025 පෙබරවාරි මස 09 121 0

මුල්ලේරියාව සහ දෙමටගොඩ ප්‍රදේශවලින් අද සවස ගිනි ගැනීම් දෙකක් වාර්තා වූ බව පොලිසිය කියයි.


ප්‍රදේශ රැසකට යළි විදුලිය ඇන හිටලා
2025 පෙබරවාරි මස 09 185 0

නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 3 ම අක්‍රීය වී ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 54 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 113 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 862 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site