(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඔරුවල වානේ සංස්ථාව අසළදී සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සහ කිරීමේදී පොලිස් වෙඩි පහරකින් බරපතල තුවාල ලබා සිටි රණසිංහ ආරච්චිලාගේ අසිත නොහොත් බණ්ඩා නැමැත්තා අද (18) කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඔහු මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන ගෝලයකු බව පොලිසිය පවසයි.
ඉකුත් 4 වැනිදා සිදුවූ වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ට කිසිදු තුවාලයක් සිදු නොවූ අතර මෙම පාතාල සාමාජිකයාගේ හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ශල්‍යකර්මයක් ද සිදු කෙරිණි.
අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මෙම පාතාල සාමාජිකයා අත්අඩංගුවට ගැනීමට යාමේදී මයික්‍රො වර්ගයේ ගිනි අවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සහ කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වෙඩි තැබීමකින් මෙම පුද්ගලයා තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොමයි පාතාලයත් සමග තිබෙන ගනුදෙනු අවසන් වෙන්න ඕනේ.
මෙවන් පුවත් ඇසීම කණට මීපැණි දැමීම වැනිය.
පාතාලය පොලීසිය විසින් මෙපමණ මෙල්ල කරත් ඒ බව ඇතැම් දේශපාලකයන්ට නොපෙනෙන්නේ මන්දැයි අපහට ඇත්තේ බලවත් ගැටලුවකි.
මොකටද ශල්‍යකර්ම කරන්න සල්ලි සහ කාලය වියදම් කලේ. බේරුනා කියල රටට හොදක් වෙන්නේ නෑනේ.
මෙතනදී නම් පොලිසියට අපේ ප්‍රණාමය. ඇත්තෙන්ම හොඳ පොලිස් නිලධාරීන් ගොඩ දෙනෙක් ඉන්නවා නමුත් නරක අයත් ඒ වගේම ඉන්නා නිසා මුළු පොලිස් සේවයම ගැරහීමට ලක්වෙනවා.
මේ වගේ කට්ටිය මේ විදිහට හරි ඉවර වෙන එක හොඳයි. සමාජයට පිලීල වෙච්ච මේ අය යන්න ඕනේ
මේ බෙහෙතම අනිත් පාතාල අයියලට දෙන්න ඕන.