


මාධ්‍ය වගකීම හා ගෞරවය සුරකින ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය හා ඡන්ද අයිතිය උදෙසා පෙළ ගැසෙන ලෙසත් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ කලා සංසන්දයේ සාමාජිකයෝ අද(12) පස්වරුවේ කොළඹ රූපවාහිනී පරිශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවත්වූහ.
ඔවුහු පාගමනින් ලිප්ටන් වටරවුම දක්වා ගමන් කළහ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
COMMENTS
රටක ඡන මාධ්‍ය මෙහෙවර හා වගකීම රටවැසියන්ට සත්‍යව, නිවරැදිව ප්‍රකාශ කිරීම ඡනමාධ්‍ය මෙහෙවර රටක යම්කිසි පාලකයන් අතින් වැරද්දක් වෙනවා නම් එ්කට විරුද්ධව ප්‍රබල හඬක් නගන්න. එය සමාජගත කර වැරද්ද පෙන්වා දිය යුතුයි. සත්‍ය විවෘත වන තරමට එය හරහා වැරදි මතයක් යම් අයකුගේ හිස තුළ රෝපණය වීමට ඇති හැකියාව වළක්වා ගත හැකියි. අවංකව දේශපාලනයේ යෙදී ඉන්න අයට ඒක සත්‍ය විවෘත වන අවස්ථාවක් වනවා. එය ජනමාධ්‍යයක් විසින් ජනතාවට කළ යුතු සේවය හා වගකීමකි. රටක ජනමාධ්‍යය මෙහෙවර නිර්භීත, අවංක, ඉතාමත් ඉහළම ප්‍රමිතියට තියනවා නම් පාලකයින්ට පක්ෂග්‍රාහීව නැතුව මිනිසුන්ව අවදි කරන්නට හැකි නම් ස්වාධීනව අපේ රටේ තත්වය මීට වඩා වෙනස් දියුණු වෙන්න තිබුණා. ලෝකේ වෙනත් දියුණු රටවල රහස මේකයි. සත්‍ය විවෘත වන තරමට එය රට බබලනවා. නමුත් කියන්න ලැජ්ජයි, බියගුලු වහල් මාධ්‍ය ලෙස පෙනී සිටින දුර්වලතාවය තමයි ඔවුන් මන්ද බුද්ධික මානසික විකෘතිමත් වූ මේ කෛරාටික, හොර, තක්කඩි, මැර, බොරුව හා දූෂිත දේශපාලකයාට කඩේ යනවා. මෙය රටට සහ ජනතාවට කරන බරපතලම දේෂද්‍රෝහී භයංකාර විනාශයකි.
ඇත්තටම කලාකරුවෝද මේ ඉන්නේ..?
මේ මොන විකාරයක්ද? ලේක් හවුසියේ ඕනෑතරම් සුදුස්සෝ ඉද්දි, ලේක්හවුසියට පිටරට පුරවැසියෝ ගෙනත් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේම සංවිධාන දැන් මාධ්‍ය වගකීම සුරකින ලෙස ඉල්ලලා පෙළපාලි යනවා. ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට ඔහෙලා ඉන්නේ කොට අදින්න විතරයි. කරඬු ගෙනියන්න අමෙරිකාවෙන් වෙනම යාලු මාධ්‍යවේදියෝ ගෙන්නනවා. අපරාදේ අව්වේ පිච්චෙන්නේ...