IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාධ්‍ය උපමාන නීතිගත කරන්නයි මැකෝ ඉල්ලයි

ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීන හා සාධාරණ ලෙස පැවැත්වීම තහවුරු කිරීම සඳහා මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

මේ සඳහා වන යෝජනා ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

දැනට අත්හිටුවා ඇති පළාත් සභා මැතිවරණය ඉක්මණින්ම පැවැත්වීම සඳහා අවශ්‍ය රෙගුලාසි පාර්ලිමේන්තුවේදී හැකි ඉක්මණින් සම්මත කර දෙන මෙන් ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

මෙයට අමතරව පසුගිය 2018 වසරේ දී පැවති පළාත් පාලන මැතිවරණයේ දී හඳුනාගත් අඩුපාඩු නිවැරදි කර ගැනීම සඳහා වන නව සංශෝධන පළාත් පාලන මැතිවරණ පනතට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණය පැවැත්වුණු ආකාරය පිළිබඳව කථානායකවරයා දැනුම්වත් කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පාර්ලිමේන්තුවේ දී කරු ජයසූරිය මහතා හමුවූ අවස්ථාවේදී ඉහත කරුණු සාකච්ජා කෙරිණි.

මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයින් වන නලින් ජයන්ත අබේසේකර,මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන් සහ කොමිසමේ ලේකම් ටී.ඩී. හේරත් මහතා සහ මැතිවරණ කොමසාරිස් ජෙනරාල්  සමන් ශ්‍රී රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කථානායක ජයසූරිය මහතා සමඟ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීනව හා සාධාරණව පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සැකසීමට අවශ්‍ය මාධ්‍ය උපමාන නීතියක් බවට පත්කිරීමට අවශ්‍ය සහයෝගය පාර්ලිමේන්තුව වෙතින් ලබාදීමට කටයුතු කරන බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණය ස්වාධීන හා සාධාරණව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් පියවර කථානායකවරයාගේ පැසසුමට ලක් විය.

යම් ලෙසකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මාර්තු 01 වැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු කළහොත් 2020 අප්‍රි‍යෙල් මහ අගදී හෝ මැයි මුල් සතියේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

මාධ්‍ය උපමාන නීතිගත කරන්නයි මැකෝ ඉල්ලයි

gunda Tuesday, 26 November 2019 02:30 PM

මැකෝ, ජනාධිපතිවරණය අවසන් වූ විගස මැකෝ කමින් අස්වෙලා යනවා කියලා නේද කීවේ? තවමත් මොකද කුණු අවුස්සා අවුස්සා ඉන්නේ. දාලා යන්න දුකයිනෙ. කියන හැටියට වැඩත් තියෙන්න ඕනෑ.

:       18       1

Athula Tuesday, 26 November 2019 03:18 PM

කොමසාරිස්තුමනි, ඔය සියලු දේ කාලෝචිතයි. එහෙත් පළාත්සභා අහෝසි කරන්න යෝජනාවක් ගන්න. ඕක මහා විනාශයක් රටට එහෙම පිටින්ම සුදු අලියෙක්. ජනතා මුදල් කාබාසිනියා කිරීමක් විතරයි. ඉන්දියාවෙන් බලහත්කාරයෙන් පටවපු විනාශය අහෝසි කරන්න

:       0       107

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site