(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණ සමයේදී ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය මාධ්‍ය උපමාන සහ මැතිවරණ කොමිෂන් සභාවේ විධාන උල්ලංඝනය කළ බවට වන පැමිණිලිවලට අදාළව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඒ අනුව, පොලිස් නිලධාරීන් පිරිසක් අද(07) මැතිවරණ කොමිෂන් සභාවට ගොස් එහි නිලධාරීන්ගෙන් කරුණු විමසා තිබේ.
ජාතික රූපවාහිනී සංස්ථාවේ සහ ස්වාධීන රූපවාහිනියේ හිටපු ප්‍රධානීගෙන්ද ඉදිරි දිනවලදී පොලිසිය ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද වාර්තා වේ.
ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ කොමිෂන් සභාවේ විධාන හා මාධ්‍ය උපමාන උල්ලංඝනය කළ බවට ජාතික රූපවාහිනී සංස්ථාවට සහ ස්වාධීන රූපවාහිනියට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාව සහ තවත් පාර්ශ්ව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd