IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මාධ්‍යවේදී කීත් නෙයාර්ගේ නඩුවේ උදෘත නීතිපතිට

(නිමන්ති රණසිංහ)
 
මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදී කෲර වදහිංසා කළැයි කියන සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර නඩුවේ උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය හමුවේ අද (11) දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව ආධාර අනුබල දුන්නැයි මාස පහක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ (විශ‍්‍රාමික) මේජර් ජනරාල් කුරුප්පු ආරච්චිගේ ධම්මික අමල් කරුණාසේකර, සේනාධීර ආරච්චිගේ හේමචන්ද්‍ර පෙරේරා, උයනගේ ප‍්‍රභාත් දුමින්ද වීරරත්න, අතපත්තු හුන්කිරි ආරච්චිලාගේ ලසන්ත විමලවීර, හිමිහාමි මුදියන්සේලාගේ නිශාන්ත ජයතිලක, මැණීක් රන් පේඩිගේ නිශාන්ත කුමාර, ශ්‍රී නාරායන මුදියන්සේලාගේ චන්ද්‍රභය ජයසූරිය ඇතුළු බුද්ධි නිලධාරීන් හය දෙනකු ඇප මත සිටිමින් අද (11) අධිකරණය හමුවේ පෙනී සිටියහ. 

මෙහි පළමු සැකකරු වූ යුද හමුදා බුද්ධි බළකායේ මේජර් ප‍්‍රභාත් ශ්‍රී සීවලී බුලත්වත්ත නිලධාරියා අද (11) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් නිතීඥ නියෝජනයක් සිදුවිය.

ඉකුත් 2008 මැයි මස 22 වැනිදා රාති‍්‍ර 11. 39ට පමණ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් නීතිවිරෝධී ලෙසින් රඳවා තබාගෙන කෲර වද හිංසාවලට ලක්කර පසුව මුදා හැර තිබිණි. 
 
 



අදහස් (0)

මාධ්‍යවේදී කීත් නෙයාර්ගේ නඩුවේ උදෘත නීතිපතිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site