(නිමන්ති රණසිංහ)
මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදී කෲර වදහිංසා කළැයි කියන සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර නඩුවේ උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය හමුවේ අද (11) දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළව ආධාර අනුබල දුන්නැයි මාස පහක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ (විශ‍්‍රාමික) මේජර් ජනරාල් කුරුප්පු ආරච්චිගේ ධම්මික අමල් කරුණාසේකර, සේනාධීර ආරච්චිගේ හේමචන්ද්‍ර පෙරේරා, උයනගේ ප‍්‍රභාත් දුමින්ද වීරරත්න, අතපත්තු හුන්කිරි ආරච්චිලාගේ ලසන්ත විමලවීර, හිමිහාමි මුදියන්සේලාගේ නිශාන්ත ජයතිලක, මැණීක් රන් පේඩිගේ නිශාන්ත කුමාර, ශ්‍රී නාරායන මුදියන්සේලාගේ චන්ද්‍රභය ජයසූරිය ඇතුළු බුද්ධි නිලධාරීන් හය දෙනකු ඇප මත සිටිමින් අද (11) අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙහි පළමු සැකකරු වූ යුද හමුදා බුද්ධි බළකායේ මේජර් ප‍්‍රභාත් ශ්‍රී සීවලී බුලත්වත්ත නිලධාරියා අද (11) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් නිතීඥ නියෝජනයක් සිදුවිය.
ඉකුත් 2008 මැයි මස 22 වැනිදා රාති‍්‍ර 11. 39ට පමණ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් නීතිවිරෝධී ලෙසින් රඳවා තබාගෙන කෲර වද හිංසාවලට ලක්කර පසුව මුදා හැර තිබිණි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මාධ්‍යවේදී කීත් නෙයාර්ගේ නඩුවේ උදෘත නීතිපතිට