IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


මාධ්‍යවේදී එක්නැළිගොඩ පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කළ හමුදා නිලධාරීන් 7 කට නඩු

(මනෝප‍්‍රිය ගුණසේකර)

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවට යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා හෝමාගම මහාධිකරණය හමුවේ අද (07) නඩු පැවරීය.

වසර නවයක කාලයකට පෙර සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා එලෙස නඩු පැවරූ බව නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත්තේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරීයාව සිටි යුද හමුදා ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, ලුතිනන් කර්නල් ප‍්‍රබෝධ සිරිවර්ධන, ආර්.එම්.පී.කේ. රාජපක්‍ෂ හෙවත් නාදන්, වීනී ප‍්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, එස්.එම්. රවින්ද්‍ර රූපසේන හෙවත් රංජි, එස්.කේ. උළුගෙදර සහ හේමචන්ද්‍ර පෙරේරා නමැති යුද හමුදා නිලධාරීන්ට එරෙහිවය.

2009 අගොස්තු මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගිරිතලේ, හබරණ හා නොට්ටාව ප‍්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ප‍්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැළිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළැයි විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.



අදහස් (5)

මාධ්‍යවේදී එක්නැළිගොඩ පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කළ හමුදා නිලධාරීන් 7 කට නඩු

dilan Thursday, 07 November 2019 06:24 PM

මේ මනුස්සයටනම් බාගෙට පිස්සු. ජනාධිපතිතුමා දැම්ම "නීතිපති" ඔටුන්නේ බර උහුලගන්න බැරුව දකින, දකින මනුස්සයට නඩු දානවා. මේ අනවශ්‍ය නඩු දැමිල්ලෙන් රටේ මිනීමරුවන්, මත්කුඩු ජාවාරම්කරුව, පාතාලයන්ගේ නඩු කටයුතු වෙනුවෙන් උසාවිය වෙන්කළ යුතු කාලය සහ රජයේ ධනය නිෂ්ඵල කටයුතු වෙනුවෙන් වැය කරනවා.

:       0       0

ranjith Thursday, 07 November 2019 11:11 PM

මෙයාලත් රණවිරුවෝද?

:       0       12

mahinda Friday, 08 November 2019 12:52 AM

රණ විරුවන් හිරේ දාන්නද යන්නේ ?

:       125       95

lion Friday, 08 November 2019 01:05 AM

මොනවද මේ කරන විකාර වැඩ. මේවට නියෝග දුන්න කෙනා ගැන නේද හොයන්න ඕනේ .

:       16       110

ජනා Friday, 08 November 2019 04:14 AM

බැරිවෙලාවත් ප්‍රභාකරන්ව මරන්නේ නැතුව අල්ලලා හිර කරලා තිබ්බානම් මේ වනවිට එම මහතාව හිරකරගෙන හිටියායයි චෝදනා කොට තව හමුදා නිලදාරීන් පිරිසකටත් යහපාලනයේ අනුග්‍රහයෙන් නඩුදාලා හිරගත කරලා තියෙන්න තිබුනා

:       126       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1618 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site