(සමන් පාලිත නානායක්කාර )
මාධ්‍යවේදියකුට මරණ තර්ජන කළ බව කියන පුද්ගලයෙකු අද (28) සැකපිට අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලීසිය කියයි .
හපුතලේ සූරියන් එෆ් එම්. නාලිකාවේ මාධ්‍යවේදියකු වන පී .මහේස්වරන් මහතාට දුරකථනයෙන් මැර තර්ජන එල්ල කිරීම සහ මාධ්‍ය උපකරණ කට්ටලයක් සොරා ගැනීම සම්බන්ධයෙන් හපුතලේ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුට ගෙන තිබේ.
ඇදිරි නීතිය කඩකරමින් වෙළඳ සැල් විවෘත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ කිරීමට උරණ වී මේ පුද්ගලයා මාධ්‍ය උපකරණ කට්ටලය සොරාගෙන ඔහුට බැණ මරණ තර්ජන එල්ල කර ඇති බව පොලීසිය කියයි .
සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
හපුතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාධ්‍යවේදියෙකුට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
de silva Saturday, 28 March 2020 11:54 AM
කුට වෙළෙන්දෝ කරන හොර වැඩ හෙළි කරන්න ගියහම මෙහෙම වෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ . අපේ ගමේ තවම පරිප්පු 160 , ටින් මලු රුපියල් 200 ට ඉහල , පොලිස් නිලධාරියෝ කඩේ ඉස්සරහ ඉඳන් මිනිස්සු පෙලගන්වනවා... මිල පාලනයක් ගැන ඔවුන් ඇහැක්වත් ඇරලා බලන්නේ නැහැ . පාරිභෝගික අධිකාරියේ ලොක්ක බොරුවට රූපවාහිනියේ රංගපෑවට, වෙළෙන්දෝ කරන්නේ ඒ අයට ඕන දේ , මේවට මාධ්‍යවෙදියෝ විරුද්ධ වුනහම ප්‍රහාර එල්ල කරනවා.