IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


මධ්‍යම අධිවේගයේ පමාව යහපාලන අමාත්‍යවරයකුගේ කොන්ත්‍රාත් සමාගම නිසයි

(නිමල කොඩිතුවක්කු)
 
අවශ්‍ය මුදල් ප්‍රමාදයකින් තොරව ලබාදී තිබියදී යහපාලන රජයේ අමාත්‍යවරයකුගේ කොන්ත්‍රාත් සමාගමේ ඉදිකිරීම්වල ප්‍රමාදය නිසා සැලසුම් කළ දිනට මධ්‍යම අධිවේගී මාර්ගයේ  අවසන් කළ නොහැකි වූ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
 
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පමා වූ  සමාඟම පිළිබඳව අනිද්දා (2) දිනයේ තීන්දුවක් ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
මධ්‍යම අධිවේගී මාර්ගයේ  කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ සහ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන කොටසේ  ඉදිකිරීම්වල වත්මන් තත්වය සොයා බැලීමට සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
 
එම මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙසට අවස්ථා කිහිපයකදීම එම සමාගමට අවවාද කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කියා සිටියේය.
 
එම සමාගමට ඉදිකිරීම් කටයුතු තවදුරටත් කරගෙන යාමට නොහැකි නම් මේ වන විට ඉදිකිරීම් කටයුතුවල අවසන් අදියරේ සිටින අනෙකුත් කොන්ත්‍රාත් සමාගම් වලට ඔවුන්ගේ කොටසේ ඉදිකිරීම් ඉදිරියට කරගෙන යාමට අවස්ථාව ලබා දී ඔවුන් ඉවත් විය යුතු බවද හෙතෙම කීය.
 
එමෙන්ම කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගැට්ටුවාන අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අවට නව නගරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
මෙම අධිවේගී මාර්ගය දෙපස පැළ සිටවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 
මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් , කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්.කේ.කොඩිතුවක්කු , මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන කොටසේ ව්‍යාපෘති අධ්‍යක්ෂ කෙහෙල්ඇල්ල , ඉදිකිරීම් බාර කොන්ත්‍රාත් සමාගම්වල නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (16)

මධ්‍යම අධිවේගයේ පමාව යහපාලන අමාත්‍යවරයකුගේ කොන්ත්‍රාත් සමාගම නිසයි

shanthi Sunday, 28 February 2021 01:54 PM

ඔය අරක්කු ජොනී කියලා තියෙන යහපාලන ඇමතිගේ නම දන්නා කෙනෙක් පලකරන්න.

:       0       22

පුස්ඇල්ලMonday, 01 March 2021 06:51 AM

ඇල්ලක් වගේ නමක් තියෙන කෙනෙක් කියලා තමයි ආරංචිය තියෙන්නේ... හැබැයි හරියටම කියන්න නම් දන්නේ නැහැ ඒ ආරංචිය ඇත්තද කියලා... ?

:       0       7

siri Sunday, 28 February 2021 02:24 PM

සමහර දේවල්වලට මුන්නැහේලා තරම් ඒ ගොල්ලෝ දක්ෂ නැහැ වගේ...

:       0       39

Raveendra Sunday, 28 February 2021 03:04 PM

ජෝන් මල්ලි, ඔයත් දැන් ඇමතියෙක්නේ... මීට පෙරත් ඇමතියෙක්නේ... ඉතින් ඔය වැඩේට ඍජුවම සම්බන්ධ ඒ හිටපු ඇමතිගේ නම කියන්නකෝ තටම තටමා ඉන්නේ නැතිව..

:       0       2

Shammi Perera Sunday, 28 February 2021 03:17 PM

හා..., අපි මොනවා හරි කරන්නම්....

:       0       1

banda Sunday, 28 February 2021 03:19 PM

හැම කෙනාටම යහපාලනේ ගැන කියවන්නේ නැතිව දැන් වැඩ කරන්න.

:       0       3

saliya Sunday, 28 February 2021 06:45 PM

වැඩ කරපු මිනිස්සුන්ටත් පඩි නොදි පොලු තියන අම්පා ඇමති. මොහුගැන වහාම සොයාබලා දඬුවම් දෙන්න.

:       1       1

Perera Sunday, 28 February 2021 06:51 PM

මේ අය ඒ ගොල්ලන්ට ඇඟිල්ල දික් කරනවා. ඒ අය මොවුන්ට ඇඟිල්ල දික් කරනවා. ඔය ඔක්කොම හොරු බව දැන දැන රටේ බුද්ධිමත් ජනතාව ආයෙ ආයේ... ඒ අයටම ඡන්දෙත් දෙනවා. ලංකාවට ජයවේවා..!!! 

:       0       4

Ano Sunday, 28 February 2021 09:15 PM

නම කියන්න බැරි ඇයි?

:       0       4

සිරි Monday, 01 March 2021 01:46 AM

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව?

:       0       5

sarath perth Monday, 01 March 2021 02:01 AM

ගල් පැලෙන බොරු කියන්න එපා... යහපාලන ඇමතිවරුන්ට දොස් කියනවා එහෙම නොවෙයි. තමුන්ගේ නොහැකියාව... හා එහෙනම් කියන්න කවුද ඇමති?

:       1       11

Sadis Monday, 01 March 2021 03:22 AM

මෙයාලට මොනවා වුණත් යහපාලනේ. වැඩ බැරි එකාලාට පොළවත් ඇදලුනේ...

:       0       6

Senarath Monday, 01 March 2021 06:41 AM

ඇමැතිතුමා, ඒ කොන්ත්‍රාත් සමාගමට සල්ලිත් දීලා වැඩේ කරන්නේ නැතිව වැඩ ප්‍රමාද නම්... කොන්තරාත්තුව අවලංගු කරලා වෙන සමාගමකට දෙන්න පුළුවන්.. ඒ වගේම සිදුවූ අලාභය, ඔවුන්ගෙන් පියවා ගැනීමට නීතිමය පියවර ගන්නත් පුළුවන්. ජනතාවගේ සල්ලි වලින් ඒ සමාගමට රෝලේ යන්න දෙන්න බැහැ. ඉක්මණින් පියවර ගන්න. ජනතාවට අධිවේග තිබේ නම් කොපමණ කාලයක් ඉතුරු වෙනවද? ඒ වගේම පාරේ වාහන තදබදයත් අඩුවෙනවනේ...

:       0       32

senaMonday, 01 March 2021 09:01 AM

මෙතන තියෙන්නේ මෝඩ ජනතාවට පොඩි විනෝදයක් සැපයීම. කොන්තරාත් එකක් කියන්නේ සංකීර්ණ නීතිමය ලියවිල්ලක්.. ඒක හිතෙන හිතෙන විදිහට කෑන්සල් කරන්න බැහැ.

:       0       10

sharm warn Monday, 01 March 2021 09:17 AM

අනේ මෙයා හරි බබානේ.. පව් ඉතින්..

:       0       6

wicky Monday, 01 March 2021 03:59 PM

බොහොම සාධාරණ මනුස්සයෙක් වගේ කතා කරන්නේ. හැමෝටම දොස් කියන එක තමයි කරන්නේ. මෙයා එජාපයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ඒ ඉනිමගට පයින් ගසා වාසි පැත්තට හුරේ දාන පොරක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 22252 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18112 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10844 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 540 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 166 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 825 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site