(අංජුල මහික වීරරත්න)
මධ්‍යම අධිවෙිගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ කිලෝමීටර් හතළිස් එකෙන් 37ක වැඩ යහපාලන ආණ්ඩුව විසින් අවසන් කර තිබුනැයි ද වත්මන් ආණ්ඩුව වසර දෙකක් තිස්සේ හැදුවේ ඉතිරි කිලෝ මීටර් හතරක් බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවසීය.
වත්මන් ආණ්ඩුව අධිවේගී මාර්ගයේ කිලෝමීටර් හතරක් පමණක් ඉදි කොට දැන් ලකුණු දාගන්නට හදන බවද කිරිඇල්ල මහතා කීය.
දින 52 කුමන්ත්‍රණය වන විටත් අදාල කිලෝමීටර් 41න් 37ක වැඩ අවසන් කර තිබූ බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
2015 වසරේ දී යහපාලන ආණ්ඩුව පත් වන විට අධිවේගී මාර්ගයේ බිම් අඟලකවත් මැනීම් කටයුතු සිදු කර නොතිබූ බව කී කිරිඇල්ල මහතා යහපාලන ආණ්ඩුව පත්වූ පසු වන්දි ගෙවා ඉඩම් අත්පත් කර ගැනීම සිදුකළ බව ද සඳහන් කළේය.
ඉන්පසුව 2016 වසරේ ඔක්තෝම්බර් මාසයේ එහි වැඩ පටන් ගත් බව කී කිරිඇල්ල මහතා දේශීය කොන්ත්‍රාත් කරුවන් 16 දෙනෙකුට එහි වැඩ බාර දුන් බව ද සඳහන් කළේය.
එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා කිසිදු විදේශ ණයක් නොගත් බවත් මහා භාණ්ඩාගාරයේ මුදලින් පමණක් එහි ඉදිකිරීම් කටයුතු කළ බවත් කිරිඇල්ල මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට දැන් බලයේ සිටින හරකුන් මෙන්ම දැන් විපක්ෂයේ ඉන්න මිහරකුන් වැඩකටම නැත. "මේ උඩු බුරන නරියාට" එදා මෙය නිමකිරීමට තිබුනත් එසේ නොකර දැන් මේ අඩන්නේ සම්පුර්ණ ලකුණු කපාගත් නිසාද..? මේ අපේ රටේ සාම්ප්‍රදායි මලපෙරේත විපක්ෂයේ මුසල කාලකන්ණි විවේචනයකි....."බොල ගොන් ඇල්ලයෝ" ඇයි.. තොපි එදා මෙය නොකළේ...? ...කරුණාකර මෙම අදහස් කිසිදු වෙනසකින් තොරව පට්ටියේ මලපෙරේත මන්ද බුද්ධිකයන් 226ම කියවීමට පලකරන ලෙස ඉල්ලා සිටින්නෙමු.
ඕන "මිහරක් ගොනෙකුට" ඕනෑම දෙයක් ප්‍රකාශ කල හැකි බව මම විසින් සියලුම පුරවැසියනට නැවත වරක් ඔප්පු කර පෙන්නුවෙමි....... මිට මම හන්තාන කදුවැටිය දිව්‍ය ලෝකයක් කල අසුචි ඇල්ලයා ..........( කතෘතුමනි මාගේ මෙම වැදගත් දොන් අදහස් එලෙසම පලකිරීමට කාරුණික වන ලෙස ඉලා සිටිමි..මිට මම අසුචි ඇල්ලයා ......)
බලමු අනිත් පැත්තේ ප්‍රතිචාර කොහොමද කියල. එතකොට දෙපැත්තෙන්ම හොරකම් හෙළි වේවි.
මෙහි රවීන්ද්‍ර යන නමින් අදහස් දෙන පුද්ගලයා 2019 සිටම පවතින රජය වන එවකට විපක්ෂය පුම්බන්න ඉමහත් අදහස් සිය ගණනක් පල කල එකම කෙනය
කිනම් ආණ්ඩුවකින් කළත් අධිවේගී මාර්ග යනු රටට අවශ්‍ය සහ රටේ සම්පතකි. නිර්ලජ්ජිත දේශපාලකයින් බොරු කීමට පෙර එහි ගමන් කර දුර කොපමණදැයි බලා ආවානම් වඩා හොඳය.
අනේ මන්දා ඔයාගේ දුව නම් ඕකෙන් නොසෑහෙන්න හොරා කෑව ඛව නම් හැමෝම දන්නවා
අවුරුදු 4ටම හැදුවෙ කිමි 37යිද. ඒක තමා අපිටත් ගැටළුව . මොකක්ද කලේ කියල .
චුප්! පල පල
ඔහෙලා ඒ ටිකවත් කලේ නැහැනේ? මිලි මීටරයෙන් මිලිමීටරය එකතු වෙලා තමයි හලෝ කිලෝමීටර් හැදෙන්නේ... කිලෝමීටර් හතර හතර 25 සැරයක් එකතුවෙලා කිලෝමීටර් 100 හැදෙන බව දන්නේ නැද්ද? ප්‍රඩක්ට් එක මාකට් කරන්න දැනගන්න ඕනේ? කිකිළි බිත්තර දාලා අඬලලා ඒක මාකට් කරනවා. තාරාවා බිත්තරේ දාලා අඬලන්නේ නැතුව ඩිකිය හොල්ල හොල්ලා යනවා මිසක් මාකට් කරන්නේ නැහැ. ඒ නිසා තාරා බිත්තර විකිනෙන්නේ නැහැ.
මට දුක ඉතිරි 4රේ කොමිස් එක නොලැබුණු එකටයි.
අධිවේගී මාර්ග ගැන මහ ලොකුවට කතා කරන්නේ හරියට තමුන්ගේ බූදලෙන් හැදුවා වගේ.. පාරවල් හදපු එකෙන් දූෂිත දේශපාලුවන්, ඔවුන්ගේ හෙන්චයියලා, වටේට හිටපු අය මොනතරම් ගසා කෑවද, කියලා දන්නෝ දනිති...
ඩොලර් ණය නොගත්තද එය වේගයෙන් නිම කිරීමට යහපාලනය අසමත් විය.
41km ක් අවුරුදු 5 ක් යද්දී හදාගන්න බැරි උනාද බන්.අරුන්ට 4 ක් ඉතුරු කරලා දැන් බොරුවට බනිනවා ,වැඩක් කළා නම කොහම හරි ඉවර කරන්න ඕනේ,එතකොට කතා අහන්න ඕනේ නැහැනේ
එතකොට හන්තානේ කන්දේ අර
කවුරු හැදුවත් රටට නේද පාර හැදුවේ
ඕනේ ගොනෙකුට ඕනේ දෙයක් කියන්න පුළුවන් .මෙයාලා 90% ක් වැඩ නිම කළා කියලානේ කියන්නේ .එත් 2015 දී කොන්ත්‍රාත් සමාගම්වලට රුපියල් බිලියන 150 ක් ගෙවන්නේ නැතිව වැඩ නතර වෙලා තිබුනා.මෙයාලගේ හිටපු ඇමැතියකුගේ කම්පනියට දීපු වැඩ කොටසේ මුදල් නම් ගෙවුවා 90% ක්.ඒ උනාට වැඩේ නිම කලේ 20% ක් .එහෙම තමයි රජයේ මුදල් අව භාවිතා කලේ
ඕනැ ගොනෙකුට කොමිස් ගහන්නත් පුළුවන් කියලත් ඔබතුමා ඔප්පු කරළම පෙන්නුවනෙ. ඒත් හැබැයි ඔයත් එක කිලෝ මීටරයක් වත් හදලම කොමිස් ටික ගහ ගත්ත නං සහගහන්නෙ නෑ. ඔයා ඉතිං ගසාකෑව මිසක් පාර හැදුවෙ නෑ නෙව. අපායෙදි හමුවෙමු. ඉක්මනින්ම අපායෙන් හමුවෙමු.