IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘මුදා හරින්න ගිය පිඹුරා වනජීවී නිලධාරියාගේ අත සපා කාලා‘

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම වනජීවි පාලන ඒකකයේ නිළධාරින්  අල්ලා ගත් පිඹුරෙකු මුදා හැරිමට යාමේදී අද ( 17)  වනජීවි අඩවි ආරක්ෂක නිළධාරියකු සපා කෑ බව වනජීවී නිලධාරීහු කියති.

පිඹුරා විසින් සපා කෑමට ලබා ඇත්තේ පුත්තලම අලි පාලන ඒකකයේ අඩවි ආරක්ෂක ඩබ්ලියු.එම්.කේ.බි.එන් බංඩාර නැමති නිළධාරියාය.

අඩි 10 කට ආසන්න දිගින් යුත් මෙම දැවැන්ත පිඹුරා පුත්තලම පෞද්ගලික ඉඩමක රැදි සිටියදී වනජීවි නිළධාරින් ඊයේ(16) රාත්‍රියේදී අල්ලා ගෙන මුදා හැරිම සදහා ආරක්ෂීතව වනජීවි පාලන ඒකකයේ රදවාගෙන සිට තිබේ.

පසුව පිඹුරා තබ්බෝව අභය භුමියට මුදා හැරිමට, රදවා තිබු කුඩුවෙන් එළියට ගෙන වෙනත් කුඩුවකට දැමිමට සුදානම් වන අවස්ථාවේදි වන ජීවි නිළධාරියාගේ වම් අතේ ඇගිලි  සපා කා ඇති බව කියයි.

කෙසේ නමුත් එම ස්ථානයේ සිටි අනෙක් වන ජීවි නිළධාරින් දැරි පරිශ්‍රමයක් දරා  පිඹුරාව මෙල්ල කර සපා වනජීවි අඩවි ආරක්ෂක නිළධාරියාව ඉවත් කර ඇති බව කියයි.

පිඹුරාගේ සපා කෑමට ලක්වු වනජීවි නිළධාරියාට බරපතල නොවන බවත් සපා කෑමට ලක්වු ඇගිලි සදහා ප්‍රථිකාරි ලබා දීම සිදුකල බවද වනජීවි නිළධාරින් පවසයි.

මෙලෙස වන සතුන් අල්ලා ගැනිමට යාමේදි ඒ සදහා නිසි උපකරණ නොමැතිවිම මත මෙවැනි සිදුවිම් වලට නිරන්තරයෙන් මුහුණ දිමට සිදුව ඇති බව වනජීවි නිලධාරීහු කියති.

 



අදහස් (0)

‘මුදා හරින්න ගිය පිඹුරා වනජීවී නිලධාරියාගේ අත සපා කාලා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 22 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 703 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site