IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාදිවෙල තෙත්බිම රකින්න වැඩපිළිවෙලක්

(ඩයනා උදයංගනී)

මාදිවෙල තෙත්බිම් කලාපයේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා පැවසීය.

මාදිවෙල තෙත්බිම් කලාපය මේ වනවිට අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණයට හසුව පවතින අතර ඔවුන්ගේ වැසිකිලි අපද්‍රව්‍ය හා වෙනත් අපද්‍රව්‍ය මෙන්ම ප්ලාස්ටික් සහ පොලිතීන් වැනි නොදිරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද දෛනිකව මෙම තෙත්බිම් කලාපයට බැහැර කරමින් පවතින බව සභාපතිවරයා සඳහන් කළේය.

සභාපතිවරයා මේ බව පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

  මාදිවෙල තෙත්බිම් කලාපය සත්වෝද්‍යානයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් පවතින බව ඇතැමුන් කීවත් එහි ඉදිකරන්නේ සතුන්ට නිදහසේ ජීවත්විය හැකි කුරුළු උද්‍යානයක් බව ද ඔහු පැවසීය.

 මෙම තෙත්බිම් කලාපය තුළ දේශීය කුරුළු වර්ග 300 ක් පමණ සිටින අතර පරිසර පද්ධතිය විනාශවීමෙන් එම කුරුළු වර්ග වඳවීයාමේ තර්ජනයක් ඇතිවිය හැකි බව උදය නානායක්කාර මහතා සඳහන් කළේය.

අපද්‍රව්‍ය සහ අප ජලය තෙත්බිමට බැහැර කිරීමෙන් එහි ජලාශවල සිටින මසුන් වර්ග හා එහි ඇති ශාක වර්ග ද වඳ වී යෑමේ තර්ජනයක් පවතින බව කී සභාපතිවරයා මාදිවෙල තෙත්බිම් කලාපය නිසිලෙස සංවර්ධනය කිරීමෙන් නව රැකියා අවස්ථා 300 ක් බිහිවන බව ද පැවසීය.

සිදුකර ඇති පරිසර හානිය අවම කර ගැනීම සඳහා මාදිවෙල තෙත්බිම් කලාපය තුළ උණ පඳුරු 4,000 ක්, කුඹුක් ගස් 1,400 ක්, මීගස් 1,100 ක්, ඇඹුල් ඇඹිලිය ගස් 300 ක්, මාදං ගස් 300 ක්, කිරල, පන්, මීවන ශාක, කුකුල් වැල් සහ මාවැල් වැනි ශාක වර්ග ද ඕලු, මානෙල්, නෙළුම් වැනි ජලජ ශාඛ ද සිටුවීම සඳහා සැලසුම් සකස් කර ඇති අතර එම ව්‍යාපෘතිය තුළ තෙත්බිම ගොඩකිරීමක් නොකෙරෙන බව ද හෙතෙම පැවසීය.

මාදිවෙල තෙත්බිම් ඉඩම්වල සිටින අනවසර පදිංචිකරුවන් දැනට ඉවත් නොකරන අතර ඔවුන් ඉවත් කිරීමට සිදුවුවහොත් නව නිවාස ලබාදීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා කීවේය.
මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර 02 තුළ අවසන් කිරීමට ද නියමිතය



අදහස් (1)

මාදිවෙල තෙත්බිම රකින්න වැඩපිළිවෙලක්

සිරිබිරිස් Wednesday, 29 September 2021 05:17 PM

ඒක නං හොඳ වැඩක් . සංවර්ධනය කරල සර්ගේ යාළුවෙක්ට ඕක විකුණලා දානව එහෙම නෙවෙයි ඔන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site