IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මුදල් සංශෝධන කෙටුම්පතේ යෝජිත සංශෝධන ලේඛනය අධිකරණයට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පතට සිදුකිරීමට යෝජිත සංශෝධන අඩංගු ලේඛනයක් නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

මෙම මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි සදහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ , සමගි ජනබල වේගය ,එක්සත් ජාතික පක්ෂය ,නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා හිටපු මන්ත්‍රීවරුන් ගොනුකර තිබෙන පෙත්සම් 08 ක් අද  දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා විසින් එම ලේඛනය ඉදිරිපත් කරනු ලැබීය.

ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලේ.

 

 



අදහස් (1)

මුදල් සංශෝධන කෙටුම්පතේ යෝජිත සංශෝධන ලේඛනය අධිකරණයට

එච් එම් ගුනවර්ධන Thursday, 29 July 2021 03:42 PM

නීතිපති තුමාගේ අනුමැතියකින් තොරවද මේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙන්නෙ ? මේ පනතට විරුද්ධව උසාවියට නොගියේ නම් මේ සංශෝධන ගෙනෙයිද?

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site