(අජන්ත කුමාර අගලකඩ)

රට මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් මීළඟ කැබිනට් රැස්වීමට කැඳවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඩොලර් හිඟය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් රැස්වීමේ දී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, ඇතිව තිබෙන අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ යා යුතු බවට ඇමතිවරුන් පිරිසක් එහිදී පෙන්වා දී ඇත.

තවත් ඇමතිවරුන් පිරිසක් පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම මෙම ප්‍රශ්නයට විසඳුමක් නොවන බවය.

නත්තල් නිවාඩුව යෙදී ඇති බැවින් ලබන සතියේ කැබිනට් රැස්වීම නොපැවැත්වෙන අතර, මීළඟ කැබිනට් රැස්වීම ජනවාරි මස මුල් සතියේ දී පැවැත්වීමට නියමිතව ඇත.