(බිඟුන් මේනක ගමගේ)
දුම්වැටි මිල පාලන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාව මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් කළ ප්‍රශ්න විමසීමකින් පසුව විශ්මයජනක ලෙස ලංකා දුම්කොළ සමාගමින් තමාගේ නමට ලිපියක් ලැබිණි යැයි එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ලංකා දුම්කොළ සමාගමට රාජ්‍ය මුදල් කාරක සභාව ඉදිරියේ කිසියම් විස්තරයක් කිරීමට අවශ්‍ය බව අදාළ ලිපියෙහි අන්තර්ගත වී යැයි ද පසුව එම ඉල්ලීම එම සමාගමට සම්බන්ධ නීතිඥයකු යැයි කියන පුද්ගලයකු විසින් දුරකථනය මගින් ද කරනු ලැබී යැයි ද සුමන්තිරන් මහතා කීය.
දුම්වැටි මිල ගණන් සම්බන්ධයෙන් විස්තරයක් කිරීමට අවශ්‍ය බව එකී පුද්ගලයා කී නමුත් තමා එම ඉල්ලීම තදින්ම ප්‍රතික්ෂේප කළේ යැයි ද සුමන්තිරන් මහතා සඳහන් කළේය.
රාජ්‍ය මුදල් කාරක සභාවේදී මුදල් අමාත්‍යංශ නිලධාරින්ට කළ නියෝගයකට පෞද්ගලික සමාගමක් මෙසේ ප්‍රතිචාර දැක්වීම විශ්මයට කරුණක් යැයි කී හෙතෙම මෙම දේවල් දන්නේ කෙසේදැයි නීතිඥයකු හැටියට පෙනී සිටි පුද්ලයාගෙන් තමා විමසී යැයි ද සුමන්තිරන් මහතා අවධාරණය කර පැවසීය.
එම පුද්ගලයා ඊට නිසියාකාරව පිළිතුරක් නොදුන්නේ යැයි ද මන්ත්‍රීවරයා කීය.
දුම්වැටි මිල සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ප්‍රතිපත්තියක් සකසා නැති බව මෙම සිදුවීමෙන් පැහැදිලි නමුත් රාජ්‍ය මුදල් කාරක සභාවේදී රාජ්‍ය නිලධාරින්ට කරන නියෝගවලට පෞද්ගලික සමාගම් හා බාහිර පුද්ගලයන් ප්‍රතිචාර දැක්වීම ඊට වඩා බරපතල කරුණක් යැයි සුමන්තිරන් මහතා සඳහන් කළේය.
ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාව බරපතල අවධානය යොමු කරන්නේ යැයි ද මෙසේ තමන්ට කළ නියෝගයට අදාළ කරුණු බාහිර පාර්ශ්ව අතට පත්වීම ගැන මුදල් අමාත්‍යංශ නිලධාරින්ගෙන් කරුණු විමසන්නේ යැයි ද සුමන්තිරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
434
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළාම ලියුම එන්නේ දුම්කොළ සමාගමෙන්
විමලධම්ම හිමි Sunday, 10 March 2019 10:36 AM
සුමන්තිරන් මහත්මා, ඔබේ දේශපාලන මතවාදය කුමක් වුණත් ඔය දූෂණයට විරුද්ධව යමක් කරන්නකෝ...!!!
Praba Sunday, 10 March 2019 10:41 AM
මැති ඇමැතිවරුන් හා නිලධාරීන් බොහෝමයක් දුම්කොළ සමාගමේ සුවච කීකරු සේවකයන්... වසරකට ශ්‍රී ලාංකිකයන් 20000ක් පමණ සිගරට් නිසා මැරෙනවා... මරණය අපිට කොමිස්... ඒ අයට රටේ සල්ලි බහු ජාතික සමාගම්වලට...
රවින් Sunday, 10 March 2019 10:59 AM
හපොයි හපොයි අදද දන්නේ වැඩිපුර අමාත්‍යංශ වැඩ කටයුතු කරන්නේ දුම්කොළ සමාගමට අවශ්‍ය අයුරින් කියලා...? ඇයි පහුගිය දවස්වල හිටපු සෞඛ්‍ය ඇමැතිත් ප්‍රසිද්ධියේ කිව්වා නේද දුම්වැටි තහනම් කිරීමට එයා ගැසට් එක පිලියල කරපුවෙලේ හිටපු ලොකු තැන ඇමතිව එයාගේ මන්දිරේට ගෙන්නලා වාඩි වෙන්නවත් නොකියා දුම්කොළ සමාගමේ ලොකු ලොකු කස්ටිය ඉදිරිපිට නොසෑහෙන්න බැන්නා කියලා? ඉතිහාසය අනේද කියන්නේ...?
සිරිබිරිස් Monday, 11 March 2019 01:40 AM
මන්ත්‍රීතුමනි සමහරවිට මුදල් අමාත්‍යාශයේ සමහර නිළධාරීන් දුම්කොල සමාගමේ හවුල්කරුවන් වෙන්න පුලුවන්.එහෙම නැත්නම් ඒ අයගේ කලත්‍රයන් එම සමාගමේ සිටිනවා වෙන්න පුලුවන්.මේ ගැන විගණනයක් කරවන්න බැරිද පසුගිය කාලයේ එක් කාන්තාවක් ගරු අගමැතිතුමා ව්‍යාපාර කරනවා කියා නඩුවක් පැවරූබවක් අසන්නට ලැබුනා.එනිසා මුදල් අමාත්‍යාශයේ කවුරුහෝ වගකිව යුත්තෙක් ව්‍යාපාර කරනවාදත් බලන්න