(පාලිත ආරියවංශ)
මද්‍රසා විදුහලක් සඳහා මුදල් ආධාර එකතුකිරීමට පැමිණ බවට සැක කරන මුස්ලිම් ජාතිකයන් 5 දෙනෙකු බ්‍රහස්පතින්දා රාත්‍රියේ බෝගහකුඹුර පොලිසිය වැලිමඩ බෝගහකුඹුර දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් පැමිණි වෑන් රථයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
නැගෙනහිර පළාතේ පදිංචි මෙම පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරමින් පවතින බව බෝගහකුඹුර පොලිසිය පවසයි.
බෝගහකුඹුර පොලිසිය විමර්ශන පවත්වයි.
COMMENTS
දන්සල් වලට මුදල් එකතු කරාට කමක් නැහැ ,
කෝ මේ දවසට පැය 25ක් අධ්‍යාපනේ වෙනුවෙන් වැය කරනවලු කියපු අධ්‍යාපන ඇමති ?
වැරදි දෙයක් නම් නීතියෙන් තහනම් කරන්න ඕන .නැත්නම් කරගෙන යන්න දෙන්න ඕන . එක්කෝ ඔය පාසල් තහනම් කරන්න ඕන නැත්නම් පාඩුවේ කරගෙන යන්න දෙන්න ඕන . මේ දෙලොවටම නැති වැඩ .
පාසල ලියා පදිංචිද ? සියලු ආගම් වල මුදල් එකතුකිරීම් නියාමනයට අවශ්‍ය නීති රීති නිසිලෙස සකස්කර වහාම ක්‍රියාත්මක කලයුතුයි. අවසර පත් නැති ඕනෙම කෙනෙකුන් වහාම අත්අඩංගුවට ගෙන දැඩි ලෙස දඬුවම් පැමිණිය යුතුය. විවිද ක්‍රමවේදයන්ට ජනතාව මුලාකර කරන්නාවූ මුල්‍යමය වංචා වලට තිත තැබීමේ කාලය ඇවිත්.
රජයේ අනුග්‍රහයෙන් නඩත්තු නොවන මද්‍රසා නොහොත් දහම් පාසැල්වලට මුල්‍යමය ආධාර උපකාර කරන්නේ අප සමාජය විසින්මය. එසේ ආධාර එකතුකිරීම වරදක් ලෙස අපි නොදකිමු. නමුත් ඒ මුවාවෙන් වෙන කාරණාවල් සිදුවෙනවානම් එය පරීක්ෂා කල යුතුයි.