




(ක.ග.කරුණාරත්න)
මැදිරිගිරිය, පල්ලියගොඩැල්ල, මලල්ආරු ප‍්‍රදේශයේ පිහිටි වගුරු බිමක එරී දින ගණනාවක් නිරාහාරව සිටි අලියෙකු එම ස්ථානයෙන් ගොඩට ගෙන ප‍්‍රතිකාර ලබාදුන් බව වන ජීවී නිලධාරීහු පැවසූහ.
මේ අලියාට වයස අවුරුදු 12ක පමණ වන බවත්, දින කිහිපයක් නිරාහාරව සිටීම හේතුවෙන් දුර්වල තත්වයේ පසුවන බවද වන ජීවී පශු වෛද්‍ය නිලධාරීහු කීහ.
මඩේ එරී සිටි අලියා ගොඩට ගැනීමට පැය 5 කට වැඩි කාලයක් දැඩි පරිශ්‍රමයකින් නටයුතු කිරීමට සිදුවූ බවද ඔවුහු සඳහන් කළහ.
සුංගාවිල වනජීවී කාර්යාලයේ නිලධාරීහු සහ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සමීර කළිඟුආරච්චි මහතා ප‍්‍රමුඛ කණ්ඩායමක් අලියාට ප්‍රතිකාර කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර නම් අලියා ගොඩගන්න හම්බ වෙන්නේ නෑ...
හැම අලියෙකුටම මොබයිල් ෆෝන් එකක් ගානේ බෙදන්න මම යෝජනා කරනවා. මෙවැනි අනතුරකදී පොලීසියට දැනුම් දෙන්න... නමුත් මැතිවරණ කොමිසම එකඟ වෙන එකක් නැහැ ඡන්දෙ නිසා...
ඔබලා කරන මෙම සේවය අප හොඳින් අන්තර්ජාලය හරහා නිතරම නිරීක්ෂණය කරන්නෙමු. ඇත්තෙන්ම ඔබගේ ජීවිත අවදානමත් සමගින් කරන්නා වූ එම සේවය අප හදවතින්ම අගය කරන්නෙමු. සමහර අවස්ථාවල ඉතාම අඩුපහසුකම් මධ්‍යයේ ඔබලා අනාගත පරපුර වෙනුවෙන් සතුන්ගේ ජීවිත බේරා ගනිමින් කරන අසීරු සේවය අප හොඳින් දැක ඇත. ඔබලාගේ සියලු ඉල්ලීම් මෙන් සියලු බලාපොරොත්තු සඵල වේවා !!! තම සේවය ඉටුකරමින් පිං රැස් කරගන්න තවත් එක් සේවයක් ලෙස මෙය හැදින්විය හැකිය. ඔබලාගේ දරුපවුල් වලටද මෙම කරන්නාවූ පින්වල මහිමයෙන් සියලු කටයුතු සාර්ථක වේවා!!! ඔබසැමට ජය !!!