IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාදුරුඔය රක්ෂිතයත් විනාශයට

(විනීතා එම් ගමගේ)


වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මාදුරුඔය  රක්ෂිතයේ අභ්‍යන්තරයේ මහා වන සංහාරයක් සිදුවෙමින් පවතිතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

 
හෙක්ටයාර පනස් අට ලක්ෂ අසූ හතරදහස් නවසිය නවයක (5,884, 909) භූමි ප‍්‍රමාණයකට හිමිකම් කියන මාදුරුඔය රක්ෂිතයට බලපත‍්‍රයක් නොමැතිව ඇතුළු වීම , කැළෑ එළි කිරීම , ගිනි තැබීම , සතුන් දඩයම් කිරීම , පතල් හැරීම හා වගා කිරීම සපුරා තහනම් වන නමුත් රජයේ අවසරය මත හෙලි කරන බව පවසමින් මෙම වන සංහාරය සිදු කෙරෙතියි පැවැසේ.


අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට තහනම් නියෝගය නිකුත්ව ගත වූ සති කිහිපය තුළ මෙම වන සංහාරය සිදු වී ඇති බවත් ඩෝසර් ඇතූළු මහා පරිමාණ යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් වනය කපා ඇති බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය. 


වසර සිය ගණන් පැරණි පලූ  වීර බුරුත කළුවර වැනි දැවැන්ත වෘක්ෂයන් පෙරලා දමා ඇති බවත් මේ විනාශය වසර ගණනාවකට ආපසු හැරවිය හැකි නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 


 ජනාධිපතිවරයාගේ උපදෙස් මත පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ ගොවිතැන් කිරීමට යැයි පවසමින් මෙම කැලෑ එළි කරන බවත්  ජනාධිපතිවරයාගේද නම අවභාවිත කරමින් මෙම මහා වන සංහාරය සිදු කෙරෙන බවත් පරිසරවේදීහු පෙන්වා දෙති. 


කන්දේගම සිට බෝඅත්ත දක්වා ඉදිකර තිබු අලිවැට විනාශ කර එය කැලෑව තුළ සඟවන්නට මෙම කැලෑ පාලූවන් කටයුතු  කර ඇතැයි පෙන්වා දෙන පරිසරවේදීහු මේ තත්ත්වය යටතේ අලි මිනිස්  ගැටුම බරපතල තත්ත්වයට පත්වීමට ඉඩ ඇතැයි පෙන්වා දෙති. 


වටිනා වනාන්තර ප‍්‍රදේශයක් මෙන්ම මෙහි පුරා වස්තුද බහුල  බවත්  ගල් කණු සහා පුරාවස්තු කැලෑ පාලූවන් විසින් විනාශ කරන තිබෙන අයුරුද එහි යන අයට දැක ගත හැකි බවත් ඔවුහු පවසති. 



අදහස් (5)

මාදුරුඔය රක්ෂිතයත් විනාශයට

shan saudi Monday, 17 December 2018 01:05 PM

ජනපතිගේ මිනිස්සු වෙන්න ඇති.. එ්කනේ බය නැතුව කරන්නේ. මේ දේවල්වලට ජනපති වගකිව යුතුයි. ඔහුගේ අනුදැනුම අනුව මේ සංහාරය සිදුවන බව පැහැදිලියි.

:       8       14

BamunuarachchiTuesday, 18 December 2018 01:24 AM

ඔව් ඔව් 2014-2015 ආණ්ඩු පෙරලපු අය දැන් කැළෑ පෙරලනවා.

:       0       0

shan saudi Monday, 17 December 2018 01:05 PM

ජනපතිගේ මිනිස්සු වෙන්න ඇති.. එ්කනේ බය නැතුව කරන්නේ..මේ දේවල් වලට ජනපති වගකිව යුතුයි. ඔහුගේ අනුදැනුම අනුව මේ සංහාරය සිදුවන බව පැහැදිලියි. මීට කලින් පුවත්පතක මේ දේම පලවුණා.. එ්ත් ජනපති පරිසර ඇමැති වෙලත් කිසිම දෙයක් කලේ නැහැ.

:       1       109

sarath Monday, 17 December 2018 01:13 PM

ලංකාවේ කඳුකර වන පද්ධතිය මේ දේශපාලක වනචරයින් නිසා විනාශ වෙලා ඉවරයි. දැන් ඉතිරිටිකත් නුදුරේදීම ඉවරවෙයි..

:       0       161

UPul Tuesday, 18 December 2018 04:00 AM

නිළධාරින් මොකද කරන්නේ, ජාතික ධනයෙන් වනජිවි එකට වියදමි කරන්නේ, වහාම අවශ්‍ය පියවර ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site