මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි තිස් නව ලක්ෂයක මුදලක් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි විභාග කිරිම වළක්වමින් පනවා තිබූ තහනම් නියෝගය දෙසැම්බර් 20 වැනිදා දක්වා දිර්ඝ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියම කළේය.
මැදමුලන කෞතුකාගාරය ඉදිකිරිමේදී රුපියල් මිලියන 33.9 ක් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු විත්තිකරුන් 6 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අභියාචනය සම්බන්ධයෙන් විභාගය අද (11) ආරම්භ කිරීමට ද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් මැතිදු 70% කින් ඇල්පිටිය ජයගන්නවා.... ඒක රැල්ලක් කරලා රටම හොල්ලනකොට ගෝඨාභය මැතිඳුට තියෙන රැල්ල එතැනම නවතිනවා.
සමහර ඒවා සතියෙන් දෙකෙන් අහලා ඉවරයි සමහර ඒවා මාස ගනන් අවුරුදු ගනන් ඇදෙනවා. ක්‍රමේ ලොකු ගැටලුවක් තිබේ. මෙය එතරම් හොද දෙයක් නෙමේ. මිනිස්සු නීතිය අතට ගන්න පුලුවන් ඉතා ඉක්මනට.
ඒ උප්පර වැටටියත් හරිගියේ නෑ අනේ
ඒ නඩු ඔහොම ඇදිලා ගිහින් අවසානයේ අදිකරණයෙන් ප්‍රතික්ෂේප වෙන නඩුනේ. නඩු වැඩිවෙන තරමටනෙ අපේ රටේ ආකර්ෂණය වැඩි වෙන්නේ? අර ඒ කාලේ ඇම්බ්යුලන්ස් එකෙන් බිමට බැහැගන්න බැරි තරම් අසනීපවෙලා සිටි එතුමාගේ සහෝදරයට දැන් සනීපද? අපිට නම් අර කොහෙන්ද මන්දා හිනා යනවා අපේ රටේ පල් මෝඩයෝ කරන විගඩම් වලට?
විනිසුරුවන්ගේ අදක්ෂකම මිසක් වෙන දෙයක් පෙනෙන්නේ නෑ. මෙම ක්‍රමය වෙනස් කළයුත්තේ ඒ නිසයි.
හුරේ...., ඡන්දෙන් පස්සේ නඩුව අහන්නේ,. එතකොට අපි දිනලා....
ලොව මේ විදිහට නඩු කල්යන එකම රට මේ රට වෙන්න ඇති. ඒත් ගමේ පියදාස වරදක් කළොත් ඒ අහිංසකයාට නම් නීතිය පමණටත් වඩා දරුණු විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ රටේ පක්ෂ, විපක්ෂ ලොකු කොයිකාටත් නීතිය එක විදිහකටත්, රටවාසීන්ට තවත් විදිහකටත් ක්‍රියා කරනවා යයි කීවොත් මාත් එක්ක කව්රුවත් තරහා වෙන එකක් නැහැ. මේ ගැන පහදා දීමට අටුවා, ටීකා, ටිප්පනී අවශ්‍ය නැහැ. අපේ වාසනාවට අප රටේ සිටින ජනපතිවරයාද රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ නීතිවිරෝධී කෙනෙකුබව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට තිබෙනවා. ඒත් ඔහු තවමත් මේ රටේ ජනපති. මේ රටේ කිසිදු දේශපාලකයෙකු ඔහු ඉවත් කිරීමට නීතිය ඉදිරියට ගියේ නැහැ. එහෙම රටක තමයි අප ඉන්නේ.
නඩු කාරයොත් මනුස්සයෝය - ඒ උදවියටත් බය, සැක, දුක, වේදනාව අපිට වගේම දැනෙනවා.
අධිකරණය ස්වාධීන ද ? අපක්ෂපාතී ද ? යන්න සැකයක් තියෙනවා.
සූදානම් ශරීරය...
දඬුවම් විඳින දුමින්ද සිල්වාව නිදහස් කරන්නේ නැහැ කියලා පොරොන්දුවක් දෙන්නේ නැත්තේ ඇයි?
ඇමෙරිකන් අතකොලුව (රනිල් හරහා සජිත්) හා ඇමෙරිකන් පඹයා හෙවත් තවත් දස වසරක් යනතුරු (පුරවැසිකම ඉවත් කරගත්තත්) ඇමෙරිකන් රූකඩයක් වීමට දිවුරන අපේ ගෝඨාභය දින්නත් මේක ඇමෙරිකාවේ පදේට නටන කොලනියක් වෙනවා වෙනවාමයි. මේ දෙගොල්ලටම 70 වසරක් මෙන්ම ඇත්තේ පොරොන්දු (ඉටුනොකරන) දේශපාලනයක් පමණි. පොරොන්දු නොව ප්‍රතිපත්ති රටකට අවශ්‍ය වෙන බව විශ්වාස කරන නිසාම හොර දේශපාලකයින් නැති රටට අවශ්‍ය ප්‍රතිපත්ති සමග එන විකල්පය සමග එක්වෙමු. දැන්වත් තම තමන්ට ලැබෙන පෞද්ගලික ලාභ ප්‍රයෝජන පසෙකලා රට වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් යුතුකම කිරීමට කාලය පැමිණ ඇත. ඇමෙරිකා රූකඩය පැමිණියත්, ඇමෙරිකන් පඹයා පැමිණියත් මේ රටේ විනාශයේ අවසන් පරාල අැණයත් අනිවාර්යයෙන්ම ගසනු ලැබේ...
අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ හා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහාය දැක්වීම. ගෝඨාභය විරෝධී ඡන්ද වල්මත් කිරීම සඳහා 2005දී මෙන් මෙවර සල්ලි දී ප්‍රභාකරන් මස්සිනා වන ශිවාජිලිංගම් පැමිණීමෙන් LTTE භීතිකාව හා දේශප්‍රේමය මැනවින් ප්‍රදර්ශනය වෙයි. දෙමළ ඩයස්පෝරාව, LTTE හොල්මන්, දේශප්‍රේමය, මුස්ලිම් අන්තවාදය, ෂරියා විශ්වවිද්‍යාල වැඩවර්ජන ආදී සියලු භීතිකාවන් බිල්ලන් මෙහෙයවන්නේ රඟ දක්වන්නේ එකම ස්ථානයකින් බව පසක් වේ. ප්‍රේමදාස දින්නොත් රනිල් හරහා ඇමෙරිකානු අතකොළුවක් වීමද, ගෝඨාභය දින්නොත් සෘජුවම ඇමෙරිකාවේ රූකඩයක් පඹයෙක් වීමද සක්සුදක් සේ පැහැදිලිය...
වැරද්දක් කලා නම් කවුරු වුනත් දඬුවම් විදිය යුතුයි. ඒකට පක්ෂ පාට භේද තිබිය යුතු නැ