(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා විභාගය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙම දැනුම් දෙනු ලැබුවේ මෙම සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලු අවස්ථාවේදීය.
මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කරුණු දක්වමින් මෙසේද කීය.
‘‘ මෙම ප‍්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් මා මූලික විරෝධතාවයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
මෙම ප‍්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා ඇති සිද්ධිමය කරුණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද අභියාචන පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම අභියාචනා පෙත්සම සලකා බැලීමට දින නියම කර තිබෙනවා.
අවසාන සහ තීරණාත්මක අධිකරණ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අවසාන සහ තීරණාත්මක තීන්දුවයි. එසේ තිබියදී මෙම අධිකරණයට මේ පිළිබඳ සලකා බැලීමට අධිකරණ බලයක් නැහැ. ඒ අනුව මෙම ප‍්‍රතිශෝධන පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමිය යුතු යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය.
පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම අද (07) දිනට කල් තැබිණි.
තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබිණි.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවය.
එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරුන් මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටියි.
එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම එම ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප‍්‍රතික්ෂේප කළ බවද පෙත්සම්කරු පෙන්වා දෙයි.
එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකිරීම ප‍්‍රතික්ෂේප කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී යැයි ප‍්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා ඇත.
මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, නීතීඥ සුගත් කල්දේරා සහ නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරු පෙනී සිටියහ.
මරදාන බලා ධාවනය වන සමුද්‍ර දේවී සීඝ්‍රගාමී අද(17) උදැසන දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව පානදුර දුම්රිය ප්‍රකාශකයෙක් පැවස
වැලිගම , බටවල , පාතේගම නිවසකට අද (17 ) අලුයම වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලීසිය කියයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
පාර්ලිමේන්තුවේ අධි එන්ජින් ධාරිතාව සහිත සුඛෝපභෝගී වාහන වෙන්දේසිය ආරම්භ කිරීම සඳහා එහි සියලුම වාහනවල තොරතුරු ඇතුළත් වාර්තාවක් ජනාධිපති කාර්යාලයට බා
මැදිරිගිරිය දිවුලන්කඩවල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට පැමිණි ගායකයකු ගීත ගායනය නොකර වේදිකාවෙන් බැස යාම හේතුවෙන් කෝපයට පත්වූ රසිකයන් පිරිසක් එම ස්ථානය
අසුවට අසූ නවය කාලයේදී රටේ තවත් කල්ලි කණ්ඩායම් විවිධ අපරාධ කළ හෙයින් රජය ඒ ගැනද පරීක්ෂණ පැවැත්වීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැව
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මැදමුලන නඩුවේ ප‍්‍රතිශෝධන පෙත්සම විභාගයට ගන්න අභියාචනාධිකරණයට බලයක් නෑ
vidya Thursday, 06 June 2019 06:50 PM
ගෝටා, නඩුහබ ඇති කර ගන්නේ නැතිව ඇත්ත කීවනම් ඉවරයිනේ.
Saman Thursday, 06 June 2019 08:10 PM
මෙහේ නඩුවලට තමයි ඔක්කොම විරෝධ, ඇමෙරිකාවෙ නඩුවට එහෙම බෑ..
Chanak los angeles Friday, 07 June 2019 01:32 AM
ඔය වංචා කරපු මුදල් අයිති රජයට
දිමුත්Friday, 07 June 2019 12:45 PM
මේවා අයිති ජනතාවට...
sumith Friday, 07 June 2019 03:30 AM
තමන් නිර්දෝෂ නම් බය නොවී නඩුවලට මුහුණ දීලා දිනන්න පුළුවන්නේ ලෙහෙසියෙන්ම එතකොට හරිනේ. අබ කෑ මිනිහගේ මොලේ දනවා කියල කතාවක් තියෙනවනේ ගමේ ගොඩේ නේද
Don Friday, 07 June 2019 04:14 AM
මේවා අහන නඩු නෙවි පොළොවේ ගහන නඩු.
sisira Friday, 07 June 2019 07:36 AM
මහා බැංකුවෙන් කෝටිගානක් මංකොල්ල කපු උන් නිදැල්ලේ ඒවා යට ගහල එනිසා මුළු ආර්ථිකයම කඩාවැටිලා නමුත් පොඩිපොඩි දේවල් හොයල දේශපාලන දඩයම් කරකර ඉන්නවා....... රටට ත්‍රස්තවාදී ගහනවා ඒවටත් වගකියන්න කෙනෙක් නැහැ... රට අරාජික වෙලා නායකයෙක් නැහැ.... වගකීමක් බාරගන්න කෙනෙක් නැහැ
Nandalal DE SILVA - France Friday, 07 June 2019 08:29 AM
ජනාධිපති වීමේ සිහිනය බොඳ වේගන එන ලකුණක් වගෙයි!! දැන්වත් සත්‍යය හෙළිදරව් කරලා තරගයට සුදානම් වුනොත් නරකද...?
sumith Friday, 07 June 2019 09:34 AM
සමහරුන්ට කෝටී ගණන් කියන්නේ පොඩිපොඩි දේවල් , අනේ අපටනම් සතයක් උනත් වටිනවා දුක් මහන්සියෙන් හම්බ කරපුව නිසා, මොකටද සොහොන් හැදුවට උජාරුවට , සොහොන ඇතුලේ ඉන්නේ දෙමාපියන්ට සැනසිල්ලක් නැහැනේ, නඩු අහනකොට හරස් ප්‍රශ්ණ අහනකොට , උත්තර දෙන්න වෙනකොට හිතේවි , අනේ මේ මොන මෝඩ කමක්ද කරේ කියල , දෙමාපියෝ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ එක දෙයක් තම මැරිච්ච එයාලගේ නම්බුව ආරක්ෂා කරන එක, සොහොන් කොත් නැතුවට ඕක බොහොම අපුරුවට කරනවා ගමේ ගොඩේ අහිංසක ගැමියෝ