



(ඔගස්ටින් ප්‍රනාන්දු)
මාදම්පේ තිනිපිටි වැවේ වසර ගණනාවක පටන් වැවී ඇති සැල්විනියා ඇතුළු ජලජ ශාඛ ඉවත් කිරීමට එහි තරුණ පිරිසක් කටයුතු කළහ.
අක්කර දහසකට ආසන්න කුඹුරු යායක, කන්න දෙකෙහි ම වගා කිරීමට අවශ්‍ය ජලය රඳවා තබා ගත හැකි මෙම වැවෙහි දීර්ඝ කාලයක් තිස්සේ ජලජ ශාක වැවී ජල මාර්ග පද්ධති අවහිර වී තිබේ.
ඒවා ඉවත් කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමුත් විසඳුමක් නොලැබුණු බැවින් මෙම පියවර ගත් බව ඔවුහු පැවසූහ.
මෙයට වසර කිහිපයකට පෙර වයඹ පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම වැවේ සැල්විනියා, ජපන් ජබර ඇතුළු ජලජ ශාඛ ඉවත් කිරීම සඳහා මුදල් වෙන් කර එම කටයුතු ආරම්භ කළත්, අතරමගදී එය නතර වූ බවද ගම්වාසීහු කියාසිටියහ.
ගමේ ජනතාවගෙන් මුදල් රැස් කර වැව පවිත්‍ර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, මෙලෙසින් ඉවත් කරන ජලජ ශාඛ පොල් වතුවලට පෝර වශයෙන් යොදාගැනීම සඳහා අලෙවි කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන රජය සමයේ කිහිප වතාවක්ම මේ ගැන දැනුම් දුන්නත් බලධාරීන් කිසිම පියවරක් ගෙන නැහැ. ඒ නිසා මේ තරුණ කැල වැඩේ තමන්ම කරගෙන තියෙන්නේ සෞභාග්‍යයට අප ගෙනයන නව ආණ්ඩුවට ජයෙන් ජය පතාය...
ඔක්සිජන් ඇලජික් ඇමතිගේ මේ ව්‍යාපෘතිය නම් නරකම නැහැ. අහල පහළ පොල්වතු හිමිකරුවන්ට මෙම පෙඳ, පාසි, පොල්ගස් වලට පොහොර වශයෙන් විකුණලා ගාණක් පොකට් එකට දමා ගන්න කළ වටිනා දේශප්‍රේමී සැලැස්මක්... ඕකත් ඩෝසර් කරන දවස වැඩි ඈතක නැහැ සර්..