
(ඉන්දිකා රාමනායක)
විදේශ රටකින් නීති විරෝධීව ගෙනෙන ලද මත් පෙති 3000ක ප්‍රමාණයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කළ සැකකරුවකු කල්මුණේ දී විශේෂ කාර්ය බළකා භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කල්මුණේ විශේෂ කාර්ය බළකා කදවුරේ කණ්ඩායමක් කල්මුණ රෝහල අසල දී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පරීක්ෂාවට ලක් කිරීමේ දී ඔහු සන්තකයේ මෙම මත මත්පෙති තොගය තිබී ඇත.
සැකකරු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි (32) පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd