IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


‘‘මත් පෙති පානය කරන බස් රියදුරන්ගේ බලපත්‍රය අහෝසි කරනවා‘‘

(සනත් ගමගේ)

පැය දහයක් දොළහක් එක දිගට බස් රථ පදවන රියදුරන් මත්පෙති පානය කරන බවට පරීක්ෂණ වලින් හෙළි වී ඇති හෙයින් එසේ මත්පෙති පානය කර හසුවන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය අහෝසි කරන බව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (06) හම්බන්තොට දී පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හම්බන්තොට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පරිපාලන සංකීර්ණයේ නව ස්ථානයක ස්ථාපනය කිරීමෙන් අනතුරුව පැවැති රැස්වීමේදීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද කීය.

        ‘‘දිනකට රිය අනතුරු වලින් මේ රටේ පුද්ගලයින් නම දෙනෙක් මිය යනවා. සුදුසු පුද්ගලයින් රියදුරු අසුන් වල වාඩි නොවීමත් මෙයට එක් හේතු‍වක් වී තිබෙනවා.මෑත කාලයේ දී සිදු කරන ලද පරීක්ෂණ වලින් හෙළි තිබෙනවා. දුරගමන් සේවාවල යෙදෙන බස් රියදුරන් පැය දහය දොළහ එක දිගට රිය පැදවීමට ඔවුන් මත් පෙති පානය කරනවා. දැනටමත් එවැනි මත් පෙති පානය කළ රියදුරන් හසුවී තිබෙනවා. එසේ හමුවන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නවා.

කාන්තාවන්ට වෙනමම කෝච්චි පෙට්ටියක් මම අයින් කළා කාර්යාල සේවයේ යෙදන  කාන්තාවන් වෙනුවෙන් කාටුන් ඇන්ද මට මේකට. මේ රටේ තිබෙන මානසික තත්ත්වය මේක තමයි.කාන්තාවන්ට අපි මොන හොඳ දේ කලත් කාටුන් වලට යන සංස්කෘතියක් මේ රටේ තියනවා. මේවා බලාගෙන වැඩ කරන්න ගියොත් කිසිම ඇමැතිවරයෙක් වැඩ කරන්නේ නැහැ.

මම  පත්තරයක් වත් ටී වී එකේවත් ප්‍රවෘත්ති බලන්නේ නැහැ. නිවුස් බැලුවත් පත්තරේ බැලුවත්  තියෙන්නේ බොරු. ඇ‍ඟේ ලේ පුච්චගන්න  බැරි නිසා පත්තර හා ප්‍රවෘත්ති නොබල ඉන්නවා.ඇත්තද නැත්තද කියලා බලන්නේ නැහැ පත්තරේ දානවා. ඊට පස්සේ පොඩි කෑල්ලක් දානවා සමා වෙන්න  කියලා.‘‘



අදහස් (3)

‘‘මත් පෙති පානය කරන බස් රියදුරන්ගේ බලපත්‍රය අහෝසි කරනවා‘‘

Raveendra Wednesday, 06 November 2019 08:38 PM

ලග එන" මහා පොරය සමගම " මෙවන් වැදගත් දෙයක් මතක්විමත් අරුමයක් නොවේ. කෙසේ වෙතත් සමාජයේ බරපතල ගැටළුවක් පිලිබදව දේශපාලන වාසියක් යටි සිතේ සගවා නොගෙන මෙම වැදගත් අදහස් ඉදිරිපත් කලේ නම් අප එය අවංකවම ඉතා ඉහලින් අගය කරන්නෙමු.

:       0       47

sharm Thursday, 07 November 2019 04:21 AM

අපිටත් කියන තියෙන්නේ එකම තමයි. අපිට ලේ පිච්චේනවට අමතරව දැඩි හිරිකිතයකුත් දැනෙනවා දියවන්නාවේ ඉන්න හරකුන්ගේ ක්‍රියා ගැන. මොනවා උනත් යන්න ඔන්න මෙන්න කියල හරි සමාජයේ තියෙන ලොකු ව්‍යසනයක් දැකපු එක ගැන සතුටුයි. නමුත් ප්‍රමාද වැඩි ද මන්දා.

:       0       0

Mahee Thursday, 07 November 2019 04:51 AM

මේ හැම කෙනාටම මෙතෙක් කල් කළ යුතුව තිබුණු, නමුත් මෙච්චරකල් නොකරපු දේවල් වහාම කළ යුතුයි කියලා මොවුන්ට රෑට හීනෙනුත් පේනවා ඇති. අපේ හැම ආණ්ඩුවකම මැති ඇමතිවරු මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා හිතෙනවා මැතිවරණ කිට්ටුවෙනකොට.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකාගෙන් සජබට රතු එළියක්
2024 ජුලි මස 15 110 0

පක්ෂය තමාට සලකන්නේ මේ විදියට නම් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කිරීමට සූදානම් නැතැයි සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍


මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි
2024 ජුලි මස 15 379 0

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.


හිරුණිකාට ඇප දෙනවාද? නැද්ද? : තීන්දුව 22
2024 ජුලි මස 15 312 0

තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකරු වී වසර 03 සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු ම


කොස්තාපල්ලා හැප්පූ බස් රියදුරා අත්අඩංගුවට
2024 ජුලි මස 15 663 0

මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු යතුරු පැදියක ගමන් කරමින් සිටියදී දික්හැතැප්ම ප්‍රදේශයේ දී අනත


ගාල්ල බන්ධානාගරයේ කටයුතු සීමා කරයි
2024 ජුලි මස 15 211 0

ගාල්ල බන්ධනාගාරයේදී පසුගියදා මියගිය රැඳවියා මොලේ උණ රෝගය හේතුවෙන් මියගොස් ඇතැයි පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් තහවුරු වීම නිසා එම බන්ධනාගාරයේ කටයුතු සති


කොල්ලුපිටියේ අනතුරක්: මනාල යුවළට තුවාල
2024 ජුලි මස 15 2045 0

මනාල යුවළක් පෙරටු කොට ගත් රථ පෙළක මංගල රථය සහ තවත් මෝටර් රථයක් කොල්ලුපිටිය ගාලු පාරේ පාසල පටුමග ප්‍රදේශයේදී අද (15) අලුයම එකිනෙක ගැටී මාර්ගයේ ගමන් ගත් තව


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 95 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 931 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1817 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site