(ඉන්දිකා රාමනායක)
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී ඔහු අන්තවාදී සංවිධානයක් වෙත විශාල වශයෙන් මුදල් බැර කර ඇති බවට හෙළි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
ඩුබායි රාජ්‍යයේ සිට එවන ලද මුදල් සැකකරු මේ අයුරින් ඉස්ලාම් අන්තවාදී සංවිධාන වෙත ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මීට දින කිහිපයකට පෙර මෙම සැකකරු පෑලියගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේ දී මේ බව හෙළි කරගෙන ඇත .
මොහු පානදුර ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි පුද්ගලයෙකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු අල්ලන්න STF දාන්න. ඉක්මනින් මේ අය එල්ලලා ඉවර කරලා දාන්න. මේ රටේ ලක්ෂ ගාණක් දරුවන්ගේ ජීවිත දැනටමත් විනාශ වෙලා ඉවරයි. තවත් කොච්චර දරුවන් ප්‍රමාණයක් " කුඩ්ඩන්" වෙන කල්ද අපි බලන් ඉන්නේ...? දැනටමත් බහුතර ගම්මාන වල උපාසක ලෙසින් ඉන්න කුඩු මුදලාලිලා ඉන්නවා. විනාශය පෙනෙන්න පටන් ගන්නේ අවුරුද්දක් දෙකක් ගිහින් .. ඒ වෙනකල් බලන් ඉන්නවාද, දැන්මම ඉවර කරනවාද?
ඡන්දෙ තියන දවසක් තාම කිව්වේ නෑ නේද?