මත්ස්‍ය ආනයනය සීමා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ.
දේශීය ධීවරයා සහ ධිවර කර්මාන්තය සුරක්‍ෂිත කිරීමේ අරමුණින් මෙවැනි තීරණයක් ගෙන ඇතැයි අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මත්ස්‍ය අස්වැන්න ඉහළ තත්වයක පවතින සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා මෙම ආනයන සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ .
මත්ස්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අසීමිත ලෙස ආනයනය කිරීම හේතුවෙන් දේශීය ධීවරයා ගැටළු රැසකට මුහුණ දී සිටින බවත් ධීවරයින් පෙන්වා දී තිබේ.
එමෙන්ම ප්‍රති අපනයන සහ විවිධ නිෂ්පාදන සදහා යැයි පවසමින් විශාල වශයෙන් වාර්ෂිකව ලංකාවට මත්ස්‍ය තොග ආනයනය කරන බවත්, ප්‍රතිඅපනයනය හා අගය එකතු කළ නිෂ්පාදන කටයුතු සදහා යැයි පවසා ගෙන්වන එම මත්ස්‍ය තොග දේශීය වෙළදපලේ අලෙවි කිරීමෙන් දේශිය ධීවරයා අපහසුතාවට පත්වන අයුරු සම්බන්ධයෙන් ධීවර සංගම් මීට පෙර කරුණු දක්වා තිබිණි.
අනතුරුව ඒ පිළිබඳව සළකා බලමින් මෙම තීරණය ගන්නා ලෙස ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යංශය සඳහන් කරයි.
ධීවර දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව 2018 වසරේ ආනයනය කර ඇති ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 84463 කි. ඒ සදහා රුපියල් මිලියන 32726 ක මුදලක් වැය කර ඇත .
කරවල , හාල් මැස්සන් , උබල කඩ , ටින් මාළු සහ සජීවී මසුන් [ විසිතුරු මසුන් ] වර්ග මෙලෙස ආනයනය කර තිබේ.
මේ වෙනුවෙන් විශාල මුදලක් විදේශයන් වෙත ගලා යාම බරපතල තත්වයක් බවත්, දේශීය ධීවරයා රැකගැනීම සදහා වැඩි මත්ස්‍ය අස්වැන්නක් නෙලාගැනීම සදහා ධීවරයා සවිබල ගන්වා , අවශ්‍ය පහසුකම් ලබාදීම මගින් රටේ මත්ස්‍ය අවශ්‍යතාව සපුරාලීමට උපරිම දායකත්වයක් ලබාගැනීමට කටයුතු කිරීම මගින් විශාල මුදලක් රට තුල රදවාගැනීමටත් මේ තීරණයෙන් හැකිවනු ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.
අගය එකතු කළ නිෂ්පාදන සදහා අවශ්‍ය මත්ස්‍ය තොග දේශීය ධිවරයාගෙන් ලබාගැනීමටත් , අපනයනය සදහා ද ගුණාත්මක මත්ස්‍ය නිෂ්පාදනය පිළිබදව වැඩි අවධානය යොමු කිරීමට කටයුතු යොදා ඇති අතර , ප්‍රමාණවත් මත්ස්‍ය අස්වැන්නක් නොලැබෙන කාලසීමා සදහා පමණක් සීමාවන්ට යටත්ව මත්ස්‍ය ආනයනය සදහා අවසර ලබාදීමටත් අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.
(36698)
COMMENTS
නව මාධ්‍ය ඇමති රුවන් විජේවර්ධන තුමාට සුභ පතමි. එතුමාට දුර ගමනකට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා.
වටේටම මහමුහුදක් තියාගෙන මාළුත් පිටරටින් ගෙන්වන මේ කුඩා දූපත මත්ද්‍රව්‍ය මුළු ලෝකෙටම සපයන්නට හැකි තරමට දියුණුවී සිටී ….කාටද ආඩම්බර?
ප්‍රතිඅපනයන ක්‍රියාවලිය රටකට ආදායම් මාර්ගයක් ගෙන දෙන දෙයක් නමුත් අද ප්‍රති අපනනය ක්‍රමයෙන් බොහෝ ව්‍යාපාරිකයින් කරන දුෂණ වැඩයි ඒ නිසා රේගුවේ පුර්ණ අධ්‍යක්ෂණය යටතේ ප්‍රති අපනයන කරන ද්‍රව්‍යන් සදහා වෙනම ආරක්‍ෂිත කලාපයක් ආරම්බකලොත් හොදයි කියා මගේ අදහසයි.
රට වටකර සාගරයි, එහි සම්පත් ආකරයි පිටින් මලු රටට ගේනවා... මේ රටේ නැවත නොඉපදේවා !!!
වටේම මුහුද තියන් රටින් හැමදේම ගේන අමන රටක් මේක. කෙලවල්ලා, බලයා, ඇටවල්ලා කියන ටූනා මාලූ, ලින්නා, තෝරා, පරව්, දැල්ලෝ, තලපත්, සාලයෝ ඇති වෙන්න අහුවෙනවානේ... අවශ්‍ය වන්නේ අහුවෙන මාලූ ටික නරක් නොවී කල් තියාගන්න ක්‍රමයක්. අයිස් වලින් කල් තියාගන්න බෑ ගොඩක් දවස්.. ඒකයි මාලූ නරක් වෙන්නේ... සොලර් වගේ පවිච්චි කරලා ට්‍රොලර් වල සහ ගොඩබිමේ තියෙන ලොකු මාලු ගුදම් වලට ශීතාගාර පහසුකම් හදනවා නම් ලේසියට අහුවෙන මාලු අපතේ යන්නේ නෑ. සාමාන්‍යයෙන් අලුත් මාලු සති දෙකක් වගේ වුනත් නරක් වෙන්නේ නැතුව ගෙදර ශීතකරණයේ තියාගන්න පුලුවන් නම් මේක බැරි වෙන්නේ නෑ. වෙලා තියෙන්නේ කිසිම කෙනෙක්ට වුවමනාවක් නැතිකම... මොකද ගෙන්නන ඒවායෙන් නිලධාරීන්ට යන කොමිස් ඒවත් වැඩි ඇති.
ලැජ්ජයි මේවා අහන්නත්... නිකන් ඉඳන් කන්න ඉපදුණු පින් උෟරන් රැලක් ඉන්න රටක් මේක....
මාලු පිටරට යවන එකත් සීමා කරන්න.. නැත්නම් වෙළඳපලේ මාලු මිල ඉහල ගිහින් මිනිස්සුන්ට මාලු කෑල්ලක් කන්න නැතිවේවි... නිතරම ධීවරයන්, ගොවියන්, ටින්මාළු ව්‍යාපාරිකයන් ගැන පමණක් අවධානය යොමු කරමින් අත්‍යාවශ්‍ය අහර ද්‍රව්‍ය ගැන තීන්දු තීරණ ගන්න එපා.. පාරිභෝගික රටවැසියන් ගැනත් හිතන්න.. ගොවියන්, ධීවරයන් ආරක්ෂා කරන්න ඕනේ. නමුත් එ් පිළිබඳව දීර්ඝකාලින ව්‍යාපෘති තියෙන්න ඕනේ.., ඔවුන්ට වගාකරන්න කෝටා දෙන්න ඕනේ ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන ගබඩා කර තබාගන්න පුළුවන් ශීතාගාර පහසුකම් සහිත ගබඩා පහසුකම් ඇති කරන්න ඕනේ... ආණ්ඩුවට කරන්න බැරිනම් ඒවා කරන්න පුද්ගලික අංශය සමග සම්බන්ධ වී අඩු පොලියට ණය දෙන්න ඕනේ... මාලු වලටත් එසේමය. ආණ්ඩුව ධීවර සංස්ථාව හරහා මහාපරිමාණ ශීතාගාර සඳහා මුදල් ආයෝජනය කළ යුතුය. එතකොට මාලු වැඩි කාලෙට ධීවරයාගේ අස්වැන්න සාධාරණ මිලකට මිලදී අරගෙන... හැමදාම සාධාරණ මිලකට පාරිභෝගිකයාට නිකුත් කළ හැක. නැතුව එක එක කාලයට විවිධ බදු සහ තහනම් පනවමින් ඔය කරන වැඩේ කිසිම සාර්ථක භාවයක් නොමැත..
හයියෝ මෙතන කොටන බුරු මිනිස්සු, මුහුද වටේ තිබ්බා කියලා මාලු ඉන්නේ නෑ. ලෝකයේ හැම රටකම මුහුදට ආවේනික මාලු ඉන්නවා. ලංකාව වටේ මුහුදෙ මාලු ඉන්නේ ගැඹුරට වෙන්න. ඒකයි ට්‍රොලර් මගින්ම මාලු අල්ලන්න වෙන්නේ. නොගැඹුරු මුහුදේ යන බෝට්ටුවලට වැඩිය මාලු ලැබෙන්නේ නෑ... මට මේ විස්තරේ කිව්වේ ධීවර සංස්ථා සභාපති කෙනෙක්... අපේ ඇමැති කෙනෙක් බෙදුවලු... රට වටේටම ෆයිබර් ග්ලාස් බෝට්ටු.. ඒත් කිසිම මාලුවෙක් අල්ලන්න බැරි වුණාලු...
[අපේ ඇමැති කෙනෙක් බෙදුවලු... රට වටේටම ෆයිබර් ග්ලාස් බෝට්ටු.. ඒත් කිසිම මාලුවෙක් අල්ලන්න බැරි වුණාලු...] ඒක ඇත්ත තමා. එයා බෙදපු ඔක්කොම බෝට්ටු, මුහුදු වෙරළේ ගාල් කර තිබ්බලු වසරේ "රූප රැජින" එනකම් ෂූටින් වලට. ඒ නිසා තමා එම බෝට්ටුවල් මාළු පිළීගඳවත් නොතිබ්බේ..!!!
රටේ ජනතාව හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ආදායමේ හැටියට ලාබෙට හාල්, පොල්, කරවල, මාළු, මස් ලබා ගැනීමටයි. පුදුමය නම් තීරුබදු ගෙවා නැව්ගාස්තු ඇතුළු අනිකුත් ගාස්තු ගෙවා පිටරටින් ගෙන්වන හාල්, මාළු, අල ලංකාවේ ඔය ගාස්තු කිසිවක් නැතිව වෙළඳ පලට එන ඒවාට වඩා ලාබවීමයි... එහෙනම් අපිට ධීවරයා කොහේ කෙනෙක් වුනත් ප්‍රශ්නයක් නැත. ලාබෙට මාළු ටික ලබාදී මෙහෙ නිපදවන මාළු පිටරට යවන්න.