IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැතිසබයේ කලබලයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රජයෙන් මාධ්‍යයට සහ මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වන්නේ යැයි චෝදනා කරමින් සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට උද්ඝෝෂණ කිරීම නිසා පාර්ලිමේන්තුවේ දැඩි කලබලකාරී තත්වයක් අද (7)පෙරවරුවේ ඇතිවිය.

මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් උද්ඝෝෂණයේ යෙදුණු විපක්ෂ මන්ත්‍රීවරුන්ට බැන වදිණු දක්නට ලැබිණ .

මේ අවස්ථාවේදී සභාව පාලනය කර ගැනීමට කතානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

තමාට රීති ප්‍රශ්නයක් මතු කිරීමට ඉඩ නොදුන්නැයි චෝදනා කරමින් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී එස් වේලුකුමාර් මහතා මේ අවස්ථාවේදී සභා ගැබ මැදට පැමිණ කෑකෝ ගසන්නට විය.

තමාට රීති ප්‍රශ්නයක් මතු කිරීමට අවස්ථාව දෙන්නැයිද වේලුකුමාර් මහතා එහිදී ඉල්ලා සිටියේය.

ජනමාධ්‍යන්ට ආණ්ඩුවෙන් තර්ජන එල්ල වන බව සභාවට මුලින්ම දැන්වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

සෙසු සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සිය අසුන් වලින් නැගිට ඊට එරෙහිව උද්ඝෝෂණය කරන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙසේ උද්ඝෝෂණයේ යෙදුණේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සභාව අමතමින් සිටියදීය.

කෙසේ වෙතත් ඔහු උද්ඝෝෂණය මැද දිගටම කතා කළේය.

" ආණ්ඩුව අපි හිතන්නෙවත් නැති දෙයක් ගැන මෙතන කතා කරලා අවුල් හදන්න හදනවා. මෙයාලා හැමදාම කරන්නේ මේ වගේ දේවල්.මේවා කරලා බොරු ප්‍රසිද්ධියක් ලබා ගන්න උත්සාහ දරනවා.රිචඩ් ද සොයිසා මරපු අය.මිනිස්සු හැටදාහක් මරපු කෙනා මේ කතා කරන්නේ . මාධ්‍ය මර්දනය කරනවා කියලා කොහෙද තියෙන්නේ..කවුද එහෙම දෙයක් කළේ." යැයි බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය .

ඉන් අනතුරුව අදහස් දැක්වූ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා " ව්පක්ෂය පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කිරීම අපි හෙළා දකිනවා.ප්‍රශ්නයක් තියෙනවනම් අපි විවාද කරමු.සාකච්ඡා කරමු. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාර්ලිමේන්තු අවුල් කිරීම නොවෙයි .පාර්ලිමේන්තුව කඩාකප්පල් කිරීම භයානක දෙයක්." යැයි ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුව අද මාධ්‍යවලට එරෙහිව දැවැන්ත මර්දන ක්‍රියාවලියක් අරඹා ඇතැයි චෝදනා කළේය .

ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසුවේ මේ ආණ්ඩුවේ සිටින්නේ මර්දනය සම්බන්ධයෙන් වාර්තා තබා ඇති නායකයන් යැයි පැවැසුවේය.

 



අදහස් (2)

මැතිසබයේ කලබලයක්

Gurami Wednesday, 07 July 2021 03:08 PM

නිකන් බොරු කියන්න එපා

:       1       118

මුණසිංහ Wednesday, 07 July 2021 04:06 PM

පෝර සමාගම් වලිනුයි අද රෑ ඉඳල ම ගත මනාව ලැබෙයි . බලන්න .

:       0       74

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site