ඉන්දිකා රාමනායක
පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහි රැගෙන ආ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන පාලිත තෙවරප්පෙරුම සහ රංජන් රාමනායක යන මහත්වරුන්ට එරෙහිව අමාත්‍ය ජොන්සටන් ප‍්‍රනාන්දු මහතා හා සත්‍ය ගවේෂකයෝ සංවිධානය පොලිසියට පැමිණිලි ඉදිරිපත් කළ බව පොලිස් මුලස්ථානය කියයි.
මින් එක් පැමිණිල්ලක් පොලිස්පති සහන මැදිරියට ද , සෙසු පැමිණිල්ල මිරිහාන හදිසි ඇමැතුම් අංශයට ද ඉදිපත් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග කියයි.
අද (16) පෙරවරුවේ සහ පෙරේදා (15) සවස මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.
වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ පැමිණිල්ල ඒ මහතාගේ නීතිඥවරුන් පිරිසක් ඊයේ (15) පෙරවරු 11.40 ට පමණ පොලිස් මුලස්ථානයේ පොලිස්පති සහයනට මැදිරියට පැමිණිලි ඉදිරිපත් කළ බව පොලිස් මුලස්ථානය ආරංචි මාර්ග කියයි.
සත්‍ය ඝවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ පේ‍්‍රමනාත් දොලවත්ත මහතා ප‍්‍රමුඛ නීතිඥවරුන් පිරිසක් පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව පෙරේදා සවස 6.00 ට පමණ මිරිහාන හදිසි ඇමැතුම් අංශය වෙත පැමිණ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
පාර්ලිමේන්තු සභා ගර්භයේ පැවති උණුසුම් තත්ත්වය හමුවේ මොවුන් සභාගර්භය වෙත පිහි රැගෙන විත් තිබු බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබු බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
COMMENTS
ඉතින් අනේ ඔයා කොටියෙක් අරගෙන කොළඹ වටේ රවුම් ගැහුවේ.... එ්ක අමතකද?
අැයි, අර අති ගරු ඌරු වරිගෙ වන්නියා සහ පිරිවර රටේ ඕනෑතැනක රිංගන්නේ පොරෝ පොජ්ජ කරේ ගහගන? ඔහේලත් පොරෝ කෙටිය කරේ ගහගෙන ගෝත්‍රික නායකයාත් එක්ක ආවා නම් අඩු පාඩුව හරි! තෙවරප්පෙරුම මහත්තයා කාටවත් පිහියෙන් ඇන්නේ නැහැනේ! රන්ජන් මහත්තයට විරුද්ධව කරන්නේ අමූලික බොරු චෝදනාවක්. මිනීමරුවෝ අපරාධ කාරයෝ තක්කඩි ඔක්කොම ඉන්නේ පොහොට්ටුවෝ අතරේ!
පිනට කාලා හිරේ ගියා.., අකුණු ගහන වෙලාවට එළියට බහින්න එපා.
මේ තත්වයට රට පත් කිරීමේ වගකීම ඡන්ද දායකයින් විසින් භාර ගත යුතුයි.
වලියක් වුවමනා අය වලියක් පටන් ගෙන ගුටිකන්න වුණාම පොලිසි යති. පුටුවලින් මහජන නිලධාරීන්ට පුටු ප්‍රහාර එල්ල කළ ඔය කියන සත්ගුණවත් උපාසක මහතා ගැන ලොවටම දැකගන්න ලැබුණි...
මේ වගේ නූගත් කාලකන්නි පත් කළාම මේක තමයි වෙන්නේ...
මිනිහගේ අතේ පිහියක් වැනි ආයුධයක් තිබුණාට වැඩියෙන් බරපතල වරදක් රාජ්‍ය දේපල විනාශ කිරීම. ඇප ගන්නත් අමාරුයි නීතිය අනුව. ඇයි ඔබතුමා පොලිසියට ගිහින් කිව්වේ නැද්ද? මම පාර්ලිමේන්තුවේ පුටු කැඩුවා, රාජ්‍ය දේපල විනාශ කෙරුවා.. ඒකට මට ප්‍රසන්න රණවීර, අලුත්ගමගේ, දිලුම්, අරුන්දිත වගේ යාලුවෝ සෙට්ටෙක උදව් කළා.. පවිත්‍ර නෝනත් ගැහැණියෙක් වුනත් උදව් කළා. අපේ කැප්ටන් හස්ත මුද්‍රාවෙන් ඇහෙන්න කනින් ලොකු සපෝට් එකක් දුන්නා කියලා.