(රංජන් කස්තුරි)

මැතිවරණ රාජකාරී මඟහරින සහ මැතිවරණ කොමිසමේ විධාන උල්ලංඝණය කරන රජයේ සේවකයින්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොළඹ  රාජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13 ) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මෙවර මැතිවරණ රාජකාරී මඟහැරීම සඳහා අසත්‍ය හා එතරම් පිළිගත නොහැකි හේතුවෙන් ඉදිරිපත් කරමින් රජයේ නිලධාරීන් පිරිසක් රාජකාරී මඟහැරීම කටයුතු කිරීමේ සුදානමක් පවතින බවද එහිදී දේශප්‍රිය මහතා කීය.

මැතිවරණ රාජකාරී මඟහැරීම සහ කොමිසමේ විධාන උල්ලංඝණය කිරීමට අධිකරණය මගින් වරදකරුවකු වන රජයේ සේවකයකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් සමඟ වසර තුනක සිරදඬුවමක් ලබාදිය හැකි බවද දේශප්‍රිය මහතා කීය.