IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැතිවරණ ප‍්‍රචාරණයට ආගමික ස්ථාන යොදා නොගන්නැයි පැෆරල් ඉල්ලයි

මහ මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා ආගමික ස්ථාන භාවිතයට ගැනීමෙන් වළකින ලෙස පැෆරල් සංවිධානය  නිවේදනක් නිකුත් කරමින් කියාසිටී. 

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා පූජනීය ස්ථාන භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන ලෙසද පැෆරල් සංවිධානය සියලූම ආගමික නායකයින් සහ ආගමික ස්ථාන භාර පූජ්‍ය පක්ෂය  වෙත ඉල්ලීමක් කරයි.  

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79(2) වගන්තියට අනුව ආගමික ස්ථානවල මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීම මැතිවරණ දූෂණය නැමති වරදට ඇතුළත් බවද එම  සංවිධානය පවසයි.

ආගමික රැස්වීමකදී යම් අපේක්‍ෂකයකුට ඡන්දයදීම හෝ නොදීම සඳහා පෙළඹවීම, එකී කාර්යයන් සඳහා ආගමික රැස්වීමකදී ප‍්‍රචාරක පත‍්‍රිකා, ඡායාරූප ආදිය බෙදාහැරීම,  යම් අපේක්‍ෂකයකු ප‍්‍රවර්ධනය හෝ යම් අපේක්‍ෂකයකු අගතියට පත් කිරීම පිණිස පූජනීය ස්ථානයක මහජන රැස්වීමක් සංවිධානය කිරීම ආදී ක්‍රියා මගින් මැතිවරණ දූෂණ ක‍්‍රියා යටතේ වන අයුතු බලපෑම නමැති වරදට වරදකරු වන බව පනතේ 79(2) වගන්තියේ දැක්වේ.

එවැනි ක්‍රියාවල යෙදුණු පුද්ගලයකු මහාධිකරණයක් ඉදිරියේ පවත්වන නඩු විභාගයකදී වරදකරු වුවහොත් රුපියල් 500ක දඩයක් හෝ මාස 6ක සිරදඬුවමක් හෝ එම දඩුවම් දෙකම පැනවිය හැකි අතර, එයට අමතරව වසර 7ක් දක්වා කාලයකට මැතිවරණයකට ඉදිරිපත් වීමට හෝ ඡන්දය ප‍්‍රකාශ කිරීමට නුසුදුස්සෙකු වන බව පනතේ 81 වන වගන්තිය දක්වයි.

පනතේ මෙම ප‍්‍රතිපාදන අවධාරණය කරමින් මැතිවරණ කොමිෂන් සභාව 2020 ජූනි 29 දින අංක EC/E/DR/PE/2020/4  දරණ ලිපිය මගින් සියලූම පිළිගත් පක්‍ෂ ලේකම්වරුන්ට සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයන්ට මේ වන විටත් දැනුම් දී ඇති බවද නිවේදනයේ දැක්වේ.

මැතිවරණයේ නිදහස සහ සාධාරණත්වය සඳහා මැතිවරණ නීතිවලට අවනත වීමේ වැදගත්කම අවධාරණය කරමින්, මැතිවරණයේ සුපිළිපන්න බව සඳහා දායකවන ලෙස පැෆරල් සංවිධානය සඳහන් කරයි.



අදහස් (1)

මැතිවරණ ප‍්‍රචාරණයට ආගමික ස්ථාන යොදා නොගන්නැයි පැෆරල් ඉල්ලයි

Gamage Friday, 03 July 2020 09:35 AM

මේ පාර මොන නාගයෙක් මොන වතුර බෝතලයෙන් මතුවෙයිද දන්නේ නැහැ..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site