(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේවනවිට සමස්ත පැමිණිලි 2366ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පැමිණිලි 644ක්ද, දිස්ත්‍රික්ක මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පැමිණිලි 1722ක්ද ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.
මෙම පැමිණිලි සියල්ල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති නමුත්, මේ වනතෙක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී නැති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ජූලි 07 වන දින ප.ව. 4.00 සිට ඊයේ(08) ප.ව. 4.00 දක්වා දෛනික මුළු පැමිණිලි සංඛ්‍යාව 160කි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථායෙන් පැමිණිලි 40ක්ද, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් 120ක්ද ලැබී ඇති අතර, ඒ සියල්ල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් යටතෙහි ගැනෙයි.
කෙසේවෙතත්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබූ පහරදීමක් සම්බන්ධයෙන්, ප්‍රචණ්ඩ ක්‍රියා යටතට ගැණුනු පැමිණිල්ලේ පොලිස් වාර්තාවට අනුව පහරදීමක් වී නොමැති බවත්, එබැවින් සිදුවීම සමථයකට පත්කරගෙන ඇති බවට කරුණු සඳහන් වී ඇති බැවින් එම පැමිණිල්ල ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඉවත් කරගෙන ඇති බවද නිවේදනයේ සඳහන් වේ.

2025 දෙසැම්බර් මස 18
676
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණ පැමිණිලි 2,366ක්