(බිඟුන් මේනක ගමගේ)
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (සී.එම්.ඊ.වී) මෙවර මහමැතිවරණයේදී පන්දහසකට අධික පිරිසක් නිරීක්ෂණ කටයුතු සඳහා යොදන්නේ යැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට අද(5) පැවැසීය.
ක්‍ෂේත්‍ර නිරීක්ෂණ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ, ජංගම නිරීක්ෂණ හා ඡන්ද ගණන් කිරීම් නිරීක්ෂණය යන අංශ යටතේ මෙම නිරීක්ෂකයන් රාජකාරිවලට සම්බන්ධ වන්නේ යැයි ද ගජනායක මහතා කීවේය.
ඒ අනුව මැතිවරණ කොට්ඨාස මට්ටමින් ක්‍ෂේත්‍ර නිරීක්ෂකයන් ලෙස 160 දෙනෙක් ද දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් හැටියට 25 දෙනෙක් ද ජංගම නිරීක්ෂකයන් ලෙස 100 දෙනෙක් ද නිරීක්ෂණයට සහභාගී වෙති.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට නිරීක්ෂකයන් 500 ක පිරිසක් සම්බන්ධ වන්නේ යැයි ද ඡන්ද දිනයේ පමණක් 3000 ක නිරීක්ෂක කණ්ඩායමක් රාජකාරියේ නිරතවන්නේ යැයි ද ගජනායක මහතා පැවැසීය.
මෙවර මැතිවරණ නිරීක්ෂණය සඳහා විශේෂ හැකියාවක් සහිත පුද්ගලයන් 100 දෙනකු ද සහභාගී වීම විශේෂත්වයක් යැයි කී හෙතෙම මෙම සියලු කණ්ඩායම්වලට අවශ්‍ය පුහුණුව ලබාදීම මේ වන විට ආරම්භ කර ඇතැයි ද කීවේය.
ඒ අනුව අද(5) සහ ඊයේ(4) දෙදින නිරීක්ෂකයන් කණ්ඩායම් දෙකකට මූලික පුහුණුව ලබාදුන්නේ යැයි ද එම සියලු පුහුණුකිරීම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුව සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් පැවැත් වී යැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 21
53
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
157
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1009
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මැතිවරණ නිරීක්ෂණයට සී.එම්.ඊ.වීයෙන් පන්දාහක්