IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මැතිවරණ නීති සහ පරිපාලනය ගැන පාඨමාලාවක්

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ ක්‍රම සඳහා වූ ජාත්‍යන්තර සම්මේලනය හා එක්ව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ‘මැතිවරණ නීති සහ පරිපාලනය’ යන මැයෙන් සහතික පත්‍ර පාඨමාලාවක් සංවිධානය කරනු ලැබ තිබේ.
 
ශ්‍රී ලංකාව තුළ පලදායී සහ විනිවිද මැතිවරණ ක්‍රියාවලියක් නිර්මාණය හා ස්ථාපිත කිරීම සඳහා මැතිවරණ හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කෙරෙහි උනන්දුවක් දක්වන නෛනික ක්ෂේත්‍රයේ නියැළෙන්නන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් ක්‍රියාකාරීන් සහ අනෙකුත් පාර්ශවකරුවන් උදෙසා මෙම සහතිකපත්‍ර පාඨමාලාව සංවිධානය කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.
 
මෙම පාඨමාලාවේ දේශන මාර්ත-ු 1 වැනිදා සිට ජූනි 21 වැනිදා දක්වා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ‘රාජ නීතිඥ ආචාර්ය එච්.ඩබ්ලිව්. ජයවර්ධන’ ශ්‍රවණාගාරයේදී පස්වරු 3 සිට 5 දක්වා රජයේ නිවාඩු දින හැර අන් සෑම සිකුරාදා දිනයකදීම පැවැත්වෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි. 
 
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් වන මහින්ද දේශප්‍රිය, ජනාධිපති නීතිඥ නලින් අබේසේකර, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ ඇතුළු ක්ෂේත්‍රයේ විශාරදයන් පිරිසක් මෙහි දේශන පවත්වන බව ද එම සංගමය සඳහන් කරයි.
 
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වැඩසටහන් කමිටුවේ 076 440 8342 යන දුරකතන අංකයෙන් පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර ලබාගත හැකිය. 
 
 
055



අදහස් (0)

මැතිවරණ නීති සහ පරිපාලනය ගැන පාඨමාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site