(ඩයනා උදයංගනී)
මැතිවරණ කොමිසම ඕනෑම මැතිවරණයකට සූදානම් බව එහි සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවැසීය.
තම කණ්ඩායම ගිනි නිවන හමුදාව මෙන් බව කී සභාපතිවරයා මාස දෙකක් ඇතුළත ඕනෑම මැතිවරණයකට සූදානම් වීමේ හැකියාව මැතිවරණ කොමිසම සතු බව ද සඳහන් කළේය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව කියන පළාත් සභා මැතිවරණය වෙනුවෙන් අවශ්‍ය නිලධාරී සංගණන වාර්තා සැකසීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇතැයි කී මහින්ද දේශප‍්‍රිය මහතා මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වූවත් එම නිලධාරීන් යෙදවිය හැකි බව කීවේය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභා ශ‍්‍රවණාගාරයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනවාරි මාසය පසු වෙනවා නම් සියලූ පළාත් සභාවල මැතිවරණ එක්වර පැවැත්විය හැකි බව ද ඔහු සඳහන් කළේය.
ඉදිරි මැතිවරණයකදී අත්හදාබැලීමක් ලෙස ඉලෙක්ට්‍රොනික ක‍්‍රමයට ඡන්දය ප‍්‍රකාශ කිරීම යොදාගැනීමට උත්සාහ කරන බව කී සභාපතිවරයා ඒ වෙනුවෙන් දේශපාලන පක්‍ෂ සියල්ල එකඟ විය යුතු බව ද කියා සිටියේය.
අපිට ඒ සඳහා ඉන්දියාවේ ඇති යන්ත‍්‍රය ගෙන්වීමට හෝ මොරටුව විශ්ව විද්‍යාලය ලවා යන්ත‍්‍ර 10ක් 15ක් නිර්මාණය කරවීමට හැකි බව ද මහින්ද දේශප‍්‍රිය මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය ආණ්ඩුවක් පිහිටෙව්වේ ඡන්දයක් තියලද? රටට ඡන්ද කාර්යාලයක් ඕනෙද ?
අම්මපා.. මම මෙතුමාට තියන ආදරේටමයි කියන්නේ... දැන්ම ම පැන්ෂන් යනවා නම් නුවණට හුරුයි. ඉදිරියේදී මොන ජල්බරි, ජිල්මාර්ට්වලට මාට්ටු වෙන්න වෙයිද දෙයියෝ තමයි දන්නේ..!