(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරණයට අදාළව සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම් පිළිබඳ පැමිණිලි 162ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.
සලකුණු කරන ලද තැපැල් ජන්ද පත‍්‍රිකා ඡායාරූප ගතකර සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලට මුදාහැරිම සම්බන්ධව පැමිණිලි හතරක් අද(31) දහවල් වන විට ලැබී තිබූ බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා පැවසීය.
අපේක්ෂකයන්ට මඩ ප‍්‍රහාර එල්ල කිරීම් සම්බන්ධ පැමිණිලි 66ක්, ජනාධිපති අපේක්ෂකයන්ගේ නම් භාවිත කරමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වාර්තා කිරීම් 41ක්, ජනාධිපති අපේක්ෂකයින් ඉලක්ක කරගනිමින් හුවමාරුවන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් වාර්තා කිරීම් 43ක්, වෛරී ප‍්‍රකාශ බෙදාහැරීම සම්බන්ධයෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකුගේ නාමය යොදාගනිමින් නිර්මාණය කරන ලද ව්‍යාජ වෙබ් ලිපිනයක් සම්බන්ධයෙන් එක් වාර්තා කිරීමක්ද මේ අතර වන බව ද සභාපතිවරයා කීවේය.
පැමිණිලි ලබාදීම සදහා තම සංගමය මගින් ලබා දී ඇති [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට මෙම පැමිණිලි ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මෙම පැමිණිලිවලින් 139ක් මුහුණුපොත් සමාජ මාධ්‍ය තුළ පළවූ කරුණු සම්බන්ධයෙන් වන අතර, පැමිණිලි 23ක් යූ-ටියුබ් මාධ්‍යයෙහි පළවූ කරුණු සම්බන්ධයෙන් ලැබී ඇතැයි ද කුරුවිටගේ මැතිව් මහතා ප‍්‍රකාශ කළේය.
ට්විටර්, වට්සැප්, ඉන්ස්ටග‍්‍රෑම්, වයිබර් හා අනෙකුත් සමාජ මාධ්‍ය යෙදුම් හා වෙබ් අඩවිවල සලකුණු කරන ලද තැපැල් චන්ද පත‍්‍රිකාවල ඡායාරූප හුවමාරු කරගැනීම වරදක් බව ද ඒ මහතා පැවසීය.
සමාජ මාධ්‍ය අඩවි පරිශීලකයින් අසත්‍ය පුවත් හා වෛරී ප‍්‍රකාශ අඩංගු ප‍්‍රකාශ (පොස්ට් සහ වීඩියෝ පට) සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරගැනීමේ වර්ධනයක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිරීක්ෂණය කර ඇතැයි කී සභාපතිවරයා සාමකාමී මැතිවරණයක් පවත්වාගැනීම උදෙසා එවැනි පුවත් මුදාහැරීමෙන් සහ සමාජ මාධ්‍ය අඩවී තුල හුවමාරු කරගැනීමෙන් වැළකී සිටීම සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ වගකීමක් බවද සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 21
81
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
174
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1034
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මැතිවරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය අවභාවිතය ගැන පැමිණිලි 162ක්