IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මැතිවරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය අවභාවිතය ගැන පැමිණිලි 162ක්

 (ඩයනා උදයංගනී)
           
ජනාධිපතිවරණයට අදාළව සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම් පිළිබඳ පැමිණිලි 162ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

සලකුණු කරන ලද තැපැල් ජන්ද පත‍්‍රිකා ඡායාරූප ගතකර සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලට මුදාහැරිම සම්බන්ධව පැමිණිලි හතරක් අද(31) දහවල් වන විට ලැබී තිබූ බව  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා පැවසීය.
           
අපේක්ෂකයන්ට මඩ ප‍්‍රහාර එල්ල කිරීම් සම්බන්ධ පැමිණිලි 66ක්,  ජනාධිපති අපේක්ෂකයන්ගේ නම් භාවිත කරමින් ව්‍යාජ සමාජ මාධ්‍ය  ගිණුම් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වාර්තා කිරීම් 41ක්, ජනාධිපති අපේක්ෂකයින් ඉලක්ක කරගනිමින් හුවමාරුවන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් වාර්තා කිරීම් 43ක්, වෛරී ප‍්‍රකාශ බෙදාහැරීම සම්බන්ධයෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකුගේ නාමය යොදාගනිමින් නිර්මාණය කරන ලද ව්‍යාජ වෙබ් ලිපිනයක් සම්බන්ධයෙන් එක් වාර්තා කිරීමක්ද මේ අතර වන බව ද සභාපතිවරයා කීවේය.
           
පැමිණිලි ලබාදීම සදහා තම සංගමය මගින් ලබා දී ඇති [email protected] යන විද්‍යුත් තැපැල්  ලිපිනයට මෙම පැමිණිලි ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
           
මෙම පැමිණිලිවලින් 139ක් මුහුණුපොත් සමාජ මාධ්‍ය තුළ පළවූ කරුණු සම්බන්ධයෙන් වන අතර, පැමිණිලි 23ක් යූ-ටියුබ් මාධ්‍යයෙහි පළවූ කරුණු සම්බන්ධයෙන් ලැබී ඇතැයි ද කුරුවිටගේ මැතිව් මහතා ප‍්‍රකාශ කළේය.
 
ට්විටර්, වට්සැප්, ඉන්ස්ටග‍්‍රෑම්, වයිබර් හා අනෙකුත් සමාජ මාධ්‍ය යෙදුම් හා වෙබ් අඩවිවල සලකුණු කරන ලද තැපැල් චන්ද පත‍්‍රිකාවල ඡායාරූප හුවමාරු කරගැනීම වරදක් බව ද ඒ මහතා පැවසීය.
           
සමාජ මාධ්‍ය අඩවි පරිශීලකයින් අසත්‍ය පුවත් හා වෛරී ප‍්‍රකාශ අඩංගු ප‍්‍රකාශ (පොස්ට් සහ වීඩියෝ පට) සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරගැනීමේ වර්ධනයක් ශ්‍රී  ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිරීක්ෂණය කර ඇතැයි කී සභාපතිවරයා සාමකාමී මැතිවරණයක් පවත්වාගැනීම උදෙසා එවැනි පුවත් මුදාහැරීමෙන් සහ සමාජ මාධ්‍ය අඩවී තුල හුවමාරු කරගැනීමෙන් වැළකී සිටීම සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ වගකීමක් බවද සඳහන් කළේය.



අදහස් (0)

මැතිවරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය අවභාවිතය ගැන පැමිණිලි 162ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site