( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් තම සේවාදායක ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබෙන බව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණ දක්වමින් කියා සිටියේය.
ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද(22) පස් වන වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥවරයා මේ බව කීය
අගවිනිසුරු ජයන්ත ජයසූරිය,බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලෙමින් පවතී.
එසේ තිබියදී මැතිවරණ කොමිසම එම මැතිවරණ ක්‍රියා පටිපාටිය ආරම්භ කිරිම ප්‍රමාද කර සිටින්නේ ඇයිද යන්න ගැටළු සහගත කරුණක් යැයිද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.
අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22) වැඩිදුරටත් කරුණු දැක්වීම මේ බව කීය.
හෙතෙම වැඩිදුරටත් අධිකරණයේ කියා සිටියේ කොවිඩ් වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් 5000ක දීමනාවක් ප්‍රදානය කිරීමේ රජයේ වැඩපිළිවෙළ ගැන මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එම නිවේදනයෙන් රුපියල් 5000 දීමනාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේදී දේශපාලනය ඉවත් විය යුතු බවට එම කොමිසම කියා ඇති බවය.
රජය රුපියල් පන්දහසේ දීමනාව ප්‍රදානය කරනු ලබන්නේ දේශපාලන අවශ්‍යතාවක් නිසා නොවන බවත් කෝවිඩ් වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට මේ ආකාරයෙන් සහන ප්‍රදානය කිරීම ලංකාවේ පමණක් නොව ලොව පුරා සිදු වෙමින් පවතින බවද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කීය .
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ දේශනය අවසන් වීමෙන් පසුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මියගේ දේශන ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
හොරාගේ අම්මගෙන් ඇසූ පේනයෙන් කියැවුණේ එවැනි සොරකමක් සිදුනොවූ බවත් උගත් නීතිඥවරු ගරු අධිකරණයට දැනුම් දුන් බවයි.
රට ඔය කියන තරම්ම සුරක්ෂිත නම් ඇඳිරි නීතිය ඉවත්කර, මහජනතාවගේ ගමනාගමනයට දමලා තිබෙන බාධක ඉවත් කරන්න.. ඒවා කරලා සති 5කින් පුළුවන් ඡන්දෙ තියන්න කිසිම ප්‍රශ්නයක් නැතුව...
අනේ..! ඔක්කොම වැරදි ටික අපේ අනිල් ජාසිංහ මහතා පිටින් යයිද? අනේ මන්දා?
"මැතිවරණය තියන්න හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ" කොහෙවත් ම කියලා තියනවා මම නම් දැක්කේ නැහැ.
එහෙනම් 24-25 මුළු රටටම ඇදිරි නීතිය දාන්නේ මොකටද?
ඉහලින් ලැබිච්ච නියෝග අනුව දැනුම් දුන්නා කියලත් කියන්න
කෙනෙක් ලියවිලි ඉදිරිපත් කළ දෙය නැති බව හැබැව එක එහෙම නෑ . දැන් එයා මේක ඉදිරිපත් කලාලු අනේ අපි තාම අනතුරේ නැද්ද ?
වසර ගානක් කොරෝන සමග ජීවත් වීමට විය හැකිය. කොරෝන කියල මිනිසුන්ගේ ඡන්ද අයිතිය කල් දැමිය යුතු ද ? එකට සුදුසු ක්‍රම වේදයක් අනු ගමනය කල යුතු ඇත.
ඇඳිරි නීතිය කඩකරලා ලොකු ගානක් අත්අඩංගුවට ගත්තා කියනවා.. ඒ අස්සේ ඡන්දෙත් තියන්න පුලුවන්ලු..
දන්නා තරමින් නම් "මේ රටේ මිනිස්සු කෙලින්නේ පිස්සු" තමයි..
මේ වගේ ගොඩ පෙරකදෝරුවන්ට වුවමනා විදිහට රට කරන්න ගියොත් අපට රටක් කොහොමටත් රටේ මිනිස්සු ඉතුරු වෙන එකක් නැහැ..! ඇයි, තත්වේ හරි නම් ජයසිංහ මහත්තයට කියන්නකෝ ඔය කතාව ප්‍රසිද්ධියේ කියන්න කියලා...!
නව ජනාධිපතිවරයෙක් තේරී පත්වුණා. බුද්ධිමත් සාමාජිකයන්ගෙන් සපිරි පාර්ලිමේන්තුවට, එය විසිරුවන්නට තිබුණේ එසැනින්. ඒ ප්‍රජාතන්ත්‍රවාදීව සහ කාලීන ජනමතයට ගරු කරමින්. ඒ රටට ආදරණීයව. ඒත්... එවැන්නක් සිදු වුනේ නැහැනේ. ඒ පුද්ගලික වාසි උදෙසා. දැන් මේ විනාශ කරමින් පවතින්නේ කාලයයි. හෘද සාක්ශිය සමග තර්ක කරන්න. දැන් අවශ්‍ය පිළුනු පාර්ලිමේන්තුව නොවේ. අවශ්‍ය ඉක්මන් මහ මැතිවරණයකි. නව පාර්ලිමේන්තුවකි.
නැවත ඡන්දයකින් පස්සෙත් පාර්ලිමේන්තුවට එන්නෙත් කලින් හිටපු පුස්සෝම තමයි. නාම යෝජනා බලන්න. ඡන්දෙ දෙන්නෙත් බොහෝමයක් හොරුන්ට, තක්කඩියන්ට කැමති හොරුම තමයි.
නියම කරගත් පළමු දිනයේදී මැතිවරණය පැවත්වූවා නම් ඔය එක නඩුවක්වත් ගොනුවෙන්නේ නැහැ. එදා රෝගීන් කිහිපදෙනයි හිටියේ... එහෙම නොකර කොරෝනා අංජනමක් බලලා කරගත් හදියක්...
සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රජයේ නිලධාරීන්, ගොවි ජනතාව, කම්කරුවන්, ව්‍යාපාරිකයන්, ඇතුළු අවංක ශ්‍රී ලාංකික ජනතාව මාස දෙකකට ආසන්න කාලයක් හැම අතින්ම කැප කිරීම් කෙරුවේ.. රට යථා තත්වයට පත් කරන්න තමයි. ඉතින් ඒකෙ ප්‍රතිඵල සාර්ථකයි කියලා තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේ... ඇයි තවමත් ලෙඩ කියකියා හිඟන්නගේ තුවාලෙ වගේ වවාගෙන කන්න කියලද කියන්නේ...? රටේ විධායකයේ දක්ෂතාවය නිසා රට යථා තත්වයට පත් වෙමින් තියෙන බව කුහක නොවී පිළිගන්න. ඔබ හිතන විදිහට රට තිබුණු කාලයක් 2015 ත් 2019 ත් අතර තිබුණා. ඒත් ඒ කාලය දැන් ඉවරයි. ඡන්දය තියෙන දවස් වෙනකොට 100%ක්ම යහපත්වී තිබේවි...