අජන්ත කුමාර අගලකඩ
මහමැතිවරණය පැවැත්වීම සදහා වන විශේෂ මාර්ගෝපදේශ මාලාවක් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරි දින දෙක තුළ බාරදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
මහමැතිවරයේ ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය බෙදාහැරීම ආදියේ සිට ඡන්දය නිමවී ප‍්‍රතිඵල නිකුත් කිරීම දක්වා වන සියලූම ක‍්‍රියාදාමයන් සදහා වෙන වෙනම මාර්ගෝපදේශ මේ යටතේ ලබාදෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළේය.
ඡන්දයේදී අපේක්‍ෂකයන් කටයුතු කළ යුතු ආකාරය, ඡන්දදායකයන් කටයුතු කළ යුතු ආකාරය, රැස්වීම් පැවැත්වෙන ආකාරය මෙන්ම ඒවයේදී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රියාමාර්ග යනාදිය මෙම මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් වන බවද ඔහු කීවේය.
කොවිඞ් -19 වයිරසය ආසාදිතයන් සමාජයෙන් වාර්තාවීම මේ වනවිට පාලනය වී ඇතැයි කී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා රටේ අනෙකුත් කටයුතු ඊට අනුරූපීව ඉදිරියට පවත්වාගෙන යායුතුව ඇතැයිද කීවේය.
මේ අතර කොරෝනා ව්‍යාප්තිය වළක්වාලමින් ඉදිරියේදී පොදු මහජන සහ වෘත්තීය ක‍්‍රියාකාරකම් සිදුකළ යුතු ආකාරය පිළිබද ක්‍ෂේත‍්‍ර 46 කට අදාළ මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අද (27) නිකුත් කරනු ලැබීය.
COMMENTS
දෙනලද උපදෙස් බොහෝය.. පිළිපදින්නන් දැකීම අසීරුය.
චන්දෙට වැඩිය අපට වැදගත් අරාබි රටවල් යන එන මන් නැතුව හිරවෙලා ඉන්න 40000 කගේ පමණ ජිවිත , ඔවුන් අනිවාර්යයෙන් ඉදිරි සති දෙක තුන තුල රට තුලට ගෙන එන්න ඕනේ , එකටත් මාර්ගෝපදේශයක් හදන්න...
ඔය උපදෙස් බල්ලට දාලා අපි චන්දෙ දාන්න යනවා මහත්තයෝ. කොරෝනා හැදුනත් මොකද, පාලකයින්ට වැජබෙන්න චන්දයක් දාලා. අනික ඉතින් රටේ ජනතාවට ආදරේට මිස, ජීවිතේට හොරකම් කරනවද අපේ මේ ලංකාවේ චන්දෙ ඉල්ලන මහත්හොරු?
ජනතාව බුද්ධිමත්... දැන් ඔච්චර අමාරුවෙන් ගිහිල්ලා ඡන්දෙ දමන්න මිනිසුන්ට ඔලුවේ අමාරුවක් නැහැ...