IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මැතිවරණයක දී ආගමික ස්ථාන යොදා නොගන්නැයි ඉල්ලීමක් කරන්න යයි

(විනීතා එම් ගමගේ)

මැතිවරණවල දී ආගමික ස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම නැවත සළකා බලන්නැයි  මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු  වන බව පැෆරල් සංවිධානය කියයි.
 
පසුගිය ජනාධිපතිවරණයේ දී සමහර අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ආගමික නායකයන් පියවර ගැනීමත් සමහර සිද්ධස්ථාන මැතිවරණයේ දී අපේක්ෂකයන් ප්‍රවර්ධනයට යොදා ගැනුණ  බව නිරීක්ෂණය වීමත් හේතුවෙන් මෙසේ ඉල්ලා සිටින බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
 
ආගමික ස්ථාන ස්වාධීන විය යුතු බවත් පක්ෂ  පාට හෝ තරාතිරම් අනුව වෙනස් නොවිය යුතු බවත් කී හෙට්ටිආරච්චි මහතා ඒ පිළිබඳව නොසලකා කටයුතු කිරීම හේතුවෙන් මැතිවරණයක පැවතිය යුතු නිදහස් හා සාධාරණභාවයට  හානි සිදුවිය හැකි බැවනි මෙම තීරණය ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.
 
එමෙන්ම මැතිවරණයේ දී දිගුකාලින වශයෙන් විසඳුමක් සොයාගත යුතු ගැටළු ලෙස මෙවර මැතිවරණය නිරික්ෂණයේ දී හඳුනාගත් ගැටලුවක් වන්නේ දුර බැහැර ප්‍රදේශවල ඡන්ද දායකයන්ට කිලෝමීටර් ගණනාවක් ගෙවා ඡන්ද පොලවලට යාමට සිදුවීම හා ආබාධ සහිත පුද්ගලයන්ට ඡන්ද පොළට ප්‍රවේශය නොමැති කම යැයි ද හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.    
 



අදහස් (6)

මැතිවරණයක දී ආගමික ස්ථාන යොදා නොගන්නැයි ඉල්ලීමක් කරන්න යයි

mahinda Monday, 18 November 2019 09:19 AM

මීට වඩා සුදුසුයි ජනතාව එවන් ආගමීක ස්ථාන මගීන් සිදුකරන තම ආගමීක මූලධර්මයන්ට කොතෙක් දුරට ගැළපේදැයි සිතා බලා එවන් අකටයුතු ආගම් වලින් ඈත්වීම. බොහෝ රටවල තිබූ ආගම් අතහැර වෙනත් ආගම් වැළද ගැනීමට මෙවන් කරුණු පාදක වන්ට ඇත.

:       23       10

ගල්කටස් Monday, 18 November 2019 09:19 AM

ඔවා කියන්න ජාතිවාදය අවුස්සන අයට....

:       13       63

isuru Monday, 18 November 2019 09:48 AM

ඒවා ආගමික ස්ථාන නොව ඒ ස්ථාන මැතිවරණ කාර්යාල ලෙස අනාගතේ නම් කරාවි මහජනයා..

:       0       23

සරත් කලුආරච්චි Monday, 18 November 2019 10:01 AM

පංසල දේශපාලනය කරමින් කොසොල් රජුගේ 11 වන සිහිනය සැබැ කළ බව පැහැදිලිය. බුදුන් වහන්සේ දේශනා නොකළ එහි අනිත් බරපතලකම නම්, පංසල විසින් පාට-පක්ෂ මත පිහිටා දෙකට බෙදුවේ සිංහල-බෞද්ධයෝය. එය ජාතිය දෙකඩ කිරිමකි. පන්සලෙන් බුදු දහමත්, දේශපාලනයත් බේරා ගැනීමට කාලය එලැඹ ඇත.

:       126       210

PREM Monday, 18 November 2019 11:07 AM

අදහස හොඳයි, හැබැයි බෞද්ධ පන්සල් වලට පමණක් මෙය අදාළ උනොත් ඊලග ප්‍රතිඵල මීට වැඩ දරුණු විය හැකියි.

:       5       67

Chathuri Monday, 18 November 2019 12:32 PM

මේ සේරම දේවල් කරන්නේ මහින්දයි, හාමුදුරු ගොල්ලයි, වෙන කවුද? මහින්ද තිරුපති කෝවිලෙත් ඡන්ද පොළ තියයි.. ඒ ළඟ හිටියා නම්, මෙතරම් භක්තිමත් නම්, කොහොමද? රටට මෙතරම් විපත්...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13552 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 121 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 951 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site