(නිමල කොඩිතුවක්කු)
මහමැතිවරණයක් පැවැත්වීමට බලකර සිටීමේ අත්සන් පන්ලක්ෂයේ පෙත්සම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වෙත සංකේතාත්මකව බාරදීම නාරාහේන්පිට අභයාරාමයේදී අද (06) සිදුකෙරිණි.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣයනය මධ්‍යයේ එම පෙත්සම පැවිදිහඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.
මෙම අවස්ථාව සඳහා ඕමාරේ කස්සප ශ්‍රී රෝහන පාර්ශවයේ අනුනායක හිමියෝ, ඇමෙරිකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය වල්පොල පියනන්ද හිමියෝ, පැවිදිහඬ සංවිධානයේ ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ, දේශ විමුක්ති ජනතා පෙරමුණේ උපසභාපති ගලගම ධම්මරංසි හිමියෝ ඇතුළු මහා සංඝ රත්නය විශාල පිරිසක් එක්වූහ.
පැවිදිහඬ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව මහමැතිවරණයක් පැවැත්වීමට බලකර සිටීමේ අත්සන් පන්ලක්ෂයේ පෙත්සම පසුගිය 29 වැනි දා ආරම්භ කළේය.
එහිදී අනුශාසනාවක් කරමින් නාරාහේන්පිට අභයාරාමාධිපති සහ පැවිදිහඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේ පැවැසූහ.
‘‘මේ රටේ තිස් අවුරුදු යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය සමථයකට පත් කරලා සියලූම රට වැසියන්ට නිදහසේ ජීවත්වීමට අවස්ථාව දුන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. නිදහසේ ජිවත්වූ අපි යම් යම් පිරිස්වල බොරු මත ප‍්‍රකාශයන් වලට ඇහුම්කන් දෙමින් රටේ වෙනසක් කරන්න ඕනෑ කියන බලාපොරොත්තුව කොටසකට තිබුණා. ඒ වෙනසේ දැන් රටේ සියලූ දෙනා හොදින් භුක්ති විදිමින් සිටිනවා.
මේ වෙනස නිසා අද රට අරාජිකයි. අද රටට අගමැතිවරයෙක් නැහැ, කැබිනට් එකක් නැහැ. ඒකාධිපති ස්වරූපයකට අද රට පත්වෙලා තියෙනවා. ඒ සිදුකළ වෙනස වෙනස් කිරිමට අද අපිට සිද්ධ වෙලා තියෙනවා.
රට මෙවැනි අරාජික තත්වයකට පත්වූ හැම අවස්ථාවකදීම මේ රටේ මහා සඟරුවන ඉදිරිපත් වෙලා රට වෙනුවෙන් කටයුතු කරනවා. අද මේ රට පත්වෙලා තියෙන අවාසනාවන්ත තත්වය කොච්චර ද කියන එක අද හැමදෙනාටම පෙනි යනවා.’’
(ඡායාරූප - ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් වෙනස කරන්න ඡන්දය දුන්න කෙනෙක් තමයි හැබැයි ඒ වෙනස කරන්න අපි ඡන්දෙ දුන්න කෙනා ඔබ වහන්සේලාට දැන් හොද වෙලානෙ.
අත්සන් කීයක් කොපි පේස්ට් කලාද කියන්න බලන්න
නිකමට කල්පනා කරලා බැලුවොත් අගැමති සහ මැති ඇමතිලා හිටියේ නෑ කියලා ඔය කියන තරම් ලොකු අරාජිකත්වයක් වෙලා නෑ නේ. නිලධාරීන් කොහොමත් ඉන්නවනේ වැඩ කරන්න. ටිකක් නගරේ හෝ ගමේ ඇවිදලා බැලුවොත් ජන ජීවිතය වෙනදා වගේමනේ වෙනසක් වෙලා නෑ නේ. එහෙම බැලුවොත් මේ 225 ඕන නෑ වගෙත් හිතිනෙවා වාර්ශික අයවැය සම්මත කරගන්න ක්‍රමයක් හදාගත්තානන්. එතකොට 225හේ බරත් අඩුවෙනවා සම්පුර්ණයෙන්ම.
මෙතුමා සිංහයෙක් මෙතුමාව කාටවත් වට්ටන්න බැ
බොහොම හොදයි , දැන් එන්න තියෙන ජනාධිපතිවරණය තියන්න .
...කොන්තරත්තුව අවසන්කර සේවායෝඡකට බාර දෙයි..
කාවහරි පාවිච්චිකරලා බලයට එන්න හදනවා.... තව ටික දවසකින් මලගිය ඇත්තොත් මෙතුමාට සහය පල කරයි... ඔහොම යන් - ඔහොම යන්
ඔබවහන්සේලා බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රාවකයන් වහන්සේලාද? නිර්මල දහම ඔබවහන්සේලාට කවදාවත් විනාශ කරන්න බැහැ. ආත්මලාභය තකායි ඔබලාගේ පෙළගැස්ම.. බෞද්ධයකු වශයෙන් මා දුක්වෙනවා.. මෙවැනි අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම ගැන... සම්මුතිධර්ම, පරමාර්ථ ධර්මගැන ඔබ වහන්සේලා දන්නවාද?
athura ඒ ගැන හිතන්නෙපා මේ අවුරුදු 70 තුළම කලේ පහෙන් පහට වෙනස් කිරීමයි. නමුත් 2015දී වෙනසක් මිනිස්සු කලේ (මම ඒ වෙනසට සම්මාදම් වුනේ නැහැ) යහපාලනය කරන රජයක් හොයන්නයි. වෙනස කරලා මාස 2න් රටේ ප්‍රධාන බැංකුව මංකොල්ල කෑවා. රටේ ආර්ථිකය කඩාවැටුණු විදේශිකයෝ ආයෝජනය කළ තැන්පතු ආපසු ගත්තා. රුපියල සීග්‍රයෙන් බාල්දුවෙන්න පටන් ගත්තා. ඒ කාලේ හිටපු මුදල් ඇමතිම බැංකු කොල්ලයට සහාය දුන් බව කොමිසමේ සාක්ෂිවලින් කියැවුණා. මේ අවුරුදු 4ටම රටට කිසිම සේවයක් නොකර රට අගාධයට දැමූ මේ ආණ්ඩුව කොක්කෙන් හරි, කෙක්කෙන් හරි පෙරලා දැමීමේ වරදක් මම දකින්නේ නැත. හේතුව මොවුන් බලයේ සිට ව්‍යවස්ථාව වෙනස්කර සිංහල ජාතියටම කරන්න යන විනාශය ගැන සිංහල අපි දන්නා නිසාය. 2015 වෙනසින් මහින්දගේ වටිනාකම තවත් වැඩිවුණු බව පෙබරවාරි මස ඡන්ද ප්‍රත්ඵල වලින් තහවුරු වුනා නේද?
මෙතුමාව අගුණ දකින මිනිසුන් රනිල්ගේ ගුණ වර්ණනාවක් කරන්න අපිට අහගෙන ඉන්න. රනිල් බලයේ සිටි 2001-2005 සහ 2015 - 2018 ඔක්තෝබර් දක්වා රටට කළ සේවය ගැන කියන්න බලන්න.
මහා මැතිවරණයකට අපිත් කැමැතියි. ඒත් ඒක කෙරෙන්න ඕනෑ නිවැරදි ක්‍රමයකටයි. හොර පාරෙන් අගමැතිවෙලා බහුතරයද නැතිව එහෙම නෙමෙයි. මේ බව මේ පැවිදි හඬට නිකන්වත් සිතුණේම නැතිද? එහෙම නැතිනම්, මේ හඬ දේශපාලන හඩක් පමණද?
කිව්වේ නම් අත්සන් පනස්ලක්ෂයයි. ඒත් තියෙන්නේ පන්ලක්ෂයයි නේද? ප්‍රමාණවත් මදියි වගේ පේන්නේ...
අතුර, ඔබ බලාපොරොත්තු වූ වෙනස සිදුවුණාද? ඔබ රටේම මහබැංකුව මංකොල්ල කෑම... මත්තල ගබඩා කරන්න තරම් වී හාල් තිබුණු රටේ හාල් පිටරටින් ගෙන්වීම, ජීවන බර වැඩිවීම, ආණ්ඩුවක් පත්වී අවුරුදු 4 රටට සංවර්ධනයක් නොවී රට අගාධයට යාමේ වෙනසක්ද බලාපොරොත්තු වුනේ. ඒ වෙනස නම් අකුරටම සිදු වුනා. මහින්ද මහතාට බැනීමෙන් අපි රනිල්ට පක්ෂවෙන්නේ නැත. නමුත් රනිල්, රටට ජාතියට කළ සේවය කීවොත් අපි රනිල්ගේ පැත්ත ගන්න ඉඩතිබෙනවා.