(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද  (26) රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ.
 
2020.4.12 චක්‍රලේඛනයක් මගින් නිරෝධායන නීතිය යටතේ සේවයේ යෙදෙන ලෙසත් එසේ  රාජකාරි යෙදුණු සියළුම දෙනොගේ දීමනා කප්පදු කරිමට එක් නිවාඩු දිනයක් මෙම කොරෝනා කාළය තුළදී ලබාදෙන ලෙස කළ ඉල්ලීම ඉටු නොකිරීමට ආයතනික මට්ටමින් ඉහල නිලධාරීන් සේවක ඉල්ලීම් කප්පාදු කිරිමට කටයුතු කිරීම වයඹ හා බස්නාහිර හෙද හෙදියන්ගේ දීමනා ගැටලුවට විසදුම් ලබා නොදීම යන කරුණූ 04 මුල් කරගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණී.
 
මෙම ගැටලු සඳහා රජය විසදුම් ලබා දීමට කටයුතු නොකළ හොත් ඉදිරියේදී දීප ව්‍යප්තව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව විරෝධතාකරුවෝ සඳහන් කළහ.