(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවයෙන් ශෝකයට පත් මාතර නගර වාසීහු මතර නගරයේ සුදු කොඩි ඔසවා සිය සංවේගය ප්‍රකාශ කළහ. 

ඊට අමතරව හිටපු නාගරික මන්ත්‍රී නලින් අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ ගමේ පන්සල වු වල්පල සිරි මංගල විහාරස්ථානය වෙත ගොස් ඒ මහතා සිහි කර ආගමික වතාවත් සිදු කර පැන් වඩා මහා සංඝරත්නය උදෙසා මතක වස්ත්‍ර පූජාව ද සිදු කළේය.

මංගල සමරවීර මහතාට ශෝකය පල කරමින් මාතර ජනතාව සිය නිවෙස් ඉදිරිපිට සුදු කොඩි ඔසවා තිබෙන අයුරු දැක ගත හැකි විය.