(ටෝනි කරුණානායක)
කඩවත කිරිමැටියාගාර ප්‍රදේශයේ බේකරියක් තුළදී මිතුරාගේ ඇඟට පැට්ට්‍රල් දමා ගිනි තබා ඝාතනය කළැයි කියන චෝදනාවට වැරදි කරු වූ චූදිතයකුට ගම්පහ අංක (01) මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මරණීය දණ්ඩනය නියම කළේය .
අකුරැස්ස ගොඩහේන ප්‍රදේශයේ පදිංචි එවකට අවුරුදු 21ක් වූ ධර්මකීර්ති අභයවික්‍රම හෙවත් චමින්ද යන අයව ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඉඳුරුව ඇටවලා වත්ත ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන 54 හැවිරිදි බද්දේගම ගණිතගේ රංජිත් ජයරත්න නමැති එක්දරු පියාට මෙසේ මරණ දඬුවම නියම විය .
2003 වර්ෂයේ ජුලි මස 23 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී චමින්ද නැමැති අය ගේ සිරුරට ගිනි තැබීමෙන් අනතුරුව බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ මරණකරු දින හතළිස් අටක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ බවට මහාධිකරණයේදී අනාවරණය විය
විත්තිකරු සහ මරණකරු කඩවත කිරිමැටියාගාර ප්‍රදේශයේ පිහිටි පාන් නිෂ්පාදනය කරන බේකරියක සේවය කර ඇති බවත් 2003 වර්ෂයේ ජුලි මස 23 වෙනිදා දහවල් විත්තිකරු සහ මරණකරු අතර ආරවුලක් ඇති වී එම ආරවුල බේකරි හිමියා විසින් සමථයකට පත්කර තිබූ මහා අධිකරණයේදී සදහන් විය .
මියගිය පුද්ගලයා රෝහල්ගතව සිටිය දී ඔහුගේ සොහොයුරාට , බේකරි හිමිකරුට සහ ප්‍රකාශ ලබාගත් පොලිස් නිලධාරියාට මරණාසන්න ප්‍රකාශ ලබාදී ඇති බව මහාධිකරණයේ දී අනාවරණය වූ අතර මරණකරුගේ එකී මරණාසන්න ප්‍රකාශ, පොලීසිය සිදුකළ පර්යේෂණ සාක්ෂි සහ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි සැලකිල්ලට ගනිමින් විත්තිකරුට මරණ දඬුවම නියම කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විවෘත අධිකරණය හමුවේ කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිතුරා මැරුවැයි විත්තිකරු පෝරකයට