IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාතර ට සන්නිවේදන කුළුණු 25ක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මාතර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි සන්නිවේදන කුළුණු 25ක් ඉදිකිරීමට රජය තීරණය කර තිබෙි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ "ගමට සන්නිවේදනය" වැඩසටහන යටතේ මෙම ඉදිකිරීම් කෙරෙන අතර ඒ පිළිබඳ මූලික රැස්වීම කථානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

2022 වසරේ අප්‍රේල් මස වනවිට එම සන්නිවේදන කුළුණු වල ඉදිකිරීම් අවසන් කිරීමට ද තීරණය කෙරිණි.

මීටර 60ක් පමණ උසට ඉදිකිරීමට බලාපොරොත්තු වන මෙම කුළුණු මගින් වර්ග කිලෝමීටර් 5-6 වපසරියක් ආවරණය කෙරෙන බව සූම් තාක්ෂණයෙන් පැවැති සාකච්ඡාවෙිදී අනාවරණය විය.

එම කුළුණු ඉදිකිරීමට තීරණය වූ ස්ථාන හා ආවරණය කිරීමට බලාපොරොත්තු වන ග්‍රාම නිලධාරි වසම් මෙසේය.

ඉලුක්පැල්ල කුළුණ: ඉලුක්පැල්ල, හිග්ගොඩ, එරමුදුගොඩ.හිග්ගොඩ කුළුණ: හිග්ගොඩ, ගංහැල.දෙදියගල කුළුණ: දෙදියගල, ඇහැලපේ, දිගනහේන.ගල්ලල කුළුණ: ගල්ලල. දොලමාවත්ත කුළුණ: දොලමාවත්ත, විලගම. ඌරුමුත්ත කුළුණ: ඌරුමුත්ත, දෙමටපස්ස, ඌරුමුත්ත දකුණ, කෙහෙල්වල.කහගල කුළුණ: උල්ලල බටහිර, කහගල, මාපලාන. බෙලිඅත්තකුඹුර කුළුණ: පුස්සවෙල.බටයාය කුළුණ: බටයාය.කිරිවැල්දොල කුළුණ: කන්දිල්පාන, කිරිවැල්දොල, කීරිවලගම හොරගල කුළුණ: හොරගල බටහිර.විහාරහේන කුළුණ: අඬාරදෙනිය, කළුගලහේන, විහාරහේන,පල්ලෙගම කුළුණ: පතවල නාඩකන්ද.ගම්මැදගම කුළුණ: ගම්මැදගම. රන්සෑගොඩ කුළුණ: රන්සෑගොඩ නැගෙනහිර, රන්සෑගොඩ බටහිර. පරපාමුල්ල කුළුණ: දේවාලෙගම නැගෙනහිර.අතපත්තුකන්ද කුළුණ: අතපත්තුකන්ද.මොලොග්ගමුව කුළුණ: මොලොග්ගමුව දකුණ.කැටවල කුළුණ: කැටවල, පට්ටිගල.තලපලාකන්ද කුළුණ: කැකුන්දෙනිය, තලපලාකන්ද. එළමල්දෙණිය කුළුණ: එළමල්දෙණිය. ලේනම කුළුණ: ලේනම උතුර, කදුරුවාන, වතුරකුඹුර, ලේනම දකුණ. දෑරංගල කුළුණ: දෑරංගල, තැන්නහේන. තල්අරඹ කුළුණ: තල්අරඹ උතුර, තල්අරඹ නැගෙනහිර.වරකපිටිය කුළුණ: වරකපිටිය උතුර, දෙනිපිටිය නැගෙනහිර, කොටවිල උතුර, නිදංගල. මෙම කුළුණු හැකිතාක් රජයේ ඉඩම් වල ඉදිකිරීමට ද මෙම සාකච්ඡාවෙිදී තීරණය විය.

 



අදහස් (0)

මාතර ට සන්නිවේදන කුළුණු 25ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site