IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මෛත්‍රීපාල සිරිසේන

 

(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි අයකර දෙන ඉල්ලා ඔවුන් ගොනුකර ඇති නඩුව විභාගයට නොගෙන නිශ්ප්‍රභ කර, තමන් එම චෝදනාවලින් නිදහස් කරන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක් කොළඹ දිසාඅධිකරණ විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය අද (07) ප්‍රතික්ෂේප කළාය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු වගඋත්තරකරුවන් පස් දෙනකුගෙන් රුපියල් මිලියන 900ක වන්දි මුදලක් ඉල්ලා ගොනුකර තිබූ නඩුවකට අදාළව මෙම නියෝගය නිකුත් විණී.

මේ ආකාරයෙන් නඩු 128ක් පෙත්සම්කරුවන් 128 දෙදෙනකු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකරනු ලැබ ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ය.

මෙම නඩුව අවසන්වරට කැදවූ ඉකුත් නොවැම්බර් මස 29 වැනිදා පළමු වගඋත්තරුකරු වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ ෆයසිර් මුස්තාෆා මහතා සදහන් කර සිටියේ මෙම නඩුව කොළඹ දිසා අධිකරණය හමුවේ පවත්වාගෙන යාමට කිසිදු අධිකරණ බලයක් නොමැති බවය.

මෙම පැමිණීල්ලෙන් සිවිල් නඩු විධාන සංග්‍රාහයේ ප්‍රතිපාදනවලට අනුකූලව නඩු නිමිත්තක් හෙළිදරව් කර නොමැති බැවින් මෙම පැමිණීල්ල මුල් අවස්ථාවේදීම සලකා බැලීමෙන් තොරව නිශ්ප්‍රභ කරන ලෙස එහිදී ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එහිදී එම ඉල්ලීමට විරෝධය පළකරමින් වින්දිතයන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා මහතා සදහන් කර සිටියේ සිවිල් නඩු විධාන සංග්‍රාහ පනතට අනුව මුල් අවස්ථාවේදීම පැමිණීල්ලක් ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටීමට විත්තිකරුවන්ට ප්‍රතිපාදන නොමැති බවය.

නඩුවේ දෝෂ තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබදව පූර්ව නඩු විභාග අදියරේදී සැලකා බැලීමට හැකි වන ලෙස ලිඛිත දේශන සදහා යොමු කරන ලෙසට මෙහිදී ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලීය.

ඒ අනුව අද (07) මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ දිසා විනිසුරුවරිය සදහන් කර සිටියේ මෙම පැමිණීල්ලට අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නඩුව සලකා බැලීම ලබන මාර්තු මස 16 වැනිදා තෙක් කල් තැබීය.

එමෙන්ම මෙම නඩුවට අදාළ තීන්දුව අනෙක් නඩු 128 කෙරෙහිද බලපැවැත්වෙන බව ද විනිසුරුවරිය සදහන් කළාය.



අදහස් (0)

මෛත්‍රීපාල සිරිසේන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site