(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මුතුරාජවෙල වගුරු බිමේ අක්කර සීයක් ගොඩකර හෝටලයක් හැදීමට එක්තරා පුද්ගලයෙකු ඔප්පුද රැගෙන පසුගිය දිනෙක තමා හමුවීමට පැමිණියේ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද(9) හෙළි කළේය.
මුතුරාජවෙල තෙත්බිම් කලාපයේ කිසිම ගොඩ කිරීමක් නොකරන බවද ඔහු සඳහන් කළේය.
මහින්ද අමරවීර මහතා එහිදී මෙසේද කීය.
"මුතුරාජවෙල සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට අපි දැනටමත් පියවර ගෙන තිබෙනවා.අපි කිසිසේත්ම තෙත් බිම් ගොඩ කරන්නේ නැහැ.මේ කලාපයේ හෝටල් ඉදි කරන්න , ගොල්ෆ් ක්‍රීඩා පිටි ඉදිකරන්න අපි කොහෙත්ම අවසර දෙන්නේ නැහැ. අපිට එක එක යෝජනා එනවා.මුතුරාජවෙල වගුරු බිමේ අක්කර 600ක් ගොඩ ගරලා හෝටලයක් ගහන යෝජනාවක් එක පුද්ගලයෙක් ගෙනාවා.ඔප්පු අරගෙන ආවා.මාව හම්බවෙන්නත් ආවා.ඔහු විවිධ තැන්වලට ගියා. අපි ඒවට ඉඩ දුන්නේ නැහැ .මුතුරාජවෙල ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි පැහැදිලි වැඩපිළිවෙලක ඉන්නවා.එය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් සඳහා මේ රජය කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ.මම ඉතා වගකීමෙන් කියනවා"
"නාගරික සංවර්ධන අධිකාරිය පවර ගන්නේ ඇයි කියලා මෙතන ප්‍රශ්නයක් තිබුණා .ඒ අධිකාරියට තමයි මේ කටයුතු පහසුවෙන්ම කරන්න පුළුවන් වුණේ.ඒ වගේම ප්‍රතිපාදන තිබුණේත් එතන.මෙය සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස වනජීවියෙන් ගැසට් කරලා තියෙනවා.
"අපිට හංගලා කරන්න දෙයක් නෑ.ඒ වගේම වහගෙන කරන්න දේකුත් නෑ. මේ එන ව්‍යාපෘතිය ඉතා වැදගත් එකක්. බලාගාරයට සුදුසු ස්ථානය ලෙස මේ ස්ථානය හඳුනා ගත්තා. අපි තෙත්බිම් කලාපයේ කිසිම ගොඩ කිරීමක් කරන්නේ නැහැ. අපි කාදිනල්තුමාටත් ඒක කියනවා.
මේ වගේ ව්‍යාපෘතියක් බලහත්කාරයෙන් කිරීමට වුවමනාවක් නෑ. මේක පරිසර හිතකාමි විදුලි ව්‍යාපෘතියක්.මේ වගේ ව්‍යාපෘතිවලින් පරිසරය ආරක්ෂා වෙනවා.
2025 දෙසැම්බර් මස 04
305
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’මුතුරාජවෙල හෝටලයක් හදන්න පුද්ගලයෙක් මා හමුවෙන්න ආවා ’’