
(සුජිත් හේවාජුලිගේ )
මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට මැති ඇමැතිවරුන් 8 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.
අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර සහ සී.බී රත්නායක, රාජ්‍ය අමාත්‍යවරුන්වන නාලක ගොඩහේවා, නිමල් ලන්සා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් ප්‍රනාන්දු, ජයන්ත වීරසිංහ සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීන් මෙම කමිටුවට පත්කර ඇති බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙයට අමතරව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාද මෙම කමිටුවට පත් කරනු ලැබ සිටී.
පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත්කර ඇතැයි වාර්තා වෙයි.
මුතුරාජවෙල තෙත්බිම් සංරක්ෂණය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරිමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු ඒ පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වී ඇත. මෙම කමිටුව පත් කර ඇත්තේ එම විරෝධතාද සැලකිල්ලට ගෙනය .
නව ගැසට් පත්‍රයේ හඳුනාගෙන ඇති ක්ෂේත්‍රවල අන්තර්ගතයට යම් වෙනසක් යෝජනා කිරීමට පෙර ඒවා සමාලෝචනය කිරීම මෙම කමිටුවේ ප්‍රමුඛ කාර්යභාරයවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
කුහකකමට පගා මරුවන් ටික ගැටළු හදාගන්නවා... ඊට පස්සේ ඒවා ලිහන්න රටේ සල්ලි වියදම් කරලා අනුකමිටු හදාගන්නවා. ඔය අනුකමිටුවල සාමාජිකයින්ටත් පෙන්ෂන් ලැබෙන ක්‍රමයක් තියෙනවද? මොකද අමාත්‍යාංශ ලේකම්ලාට (අවුරුදු 5 සේවය) පෙන්ෂන් එකක් ලැබෙනවා. කබ්‍රාල්ටත් කෝටි 19ක් ලැබෙනවා කීවේ ඒ වගේ පෙන්ෂන් එකක්...
මෙවැනි යමක් කිරීමට ප්‍රථම, අදාළ පාර්ශවවලින් අදහස් විමසා එම අදහස් වලටද ගැලපෙන සේ කටයුතු නොකරන්නේ ඇයි? එසේ වූයේනම් ගැටළු අවම වේ. හිතුවක්කාරකම් පාලනයට සුදුසු නැහැ. මෙම වැරැද්ද දිගින් දිගටම රජය විසින් කොට, ඇදගෙන නානබව පෙනෙනවා..
අවසන් ප්‍රතිඵලය මෙන්න... ඇමැති කමිටුව අන්තිමට හිතවතුන්ට මුතුරාජවෙල කොටස් කරලා කොමිස් මුදල් සාක්කුවේ දාගෙන... මින්පසු මුතුරාජවෙල කියා එකක් අනවශ්‍ය නිසා එසේ කරන ලදී.
මුතුරාජවෙල යනු හයවන පරාක්‍රමබාහු රජතුමා ඔහුගේ උපදේශක වූ බමුණු පරපුරට දෙන ලද ත්‍යාගයකි. මෙම පරපුරේ අය කතෝලික දහම එකල වැළඳ ගත් අතර මෙය බූදල් වී එය නීතියෙන් තම ඥාතීන් අතර බෙදාගන්නට යැයි ඉංග්‍රීසි පාලන සමයේ උසාවි ලියවිල්ලකින් දැනුම් දෙන ලදී. එහෙත් ලන්දේසි ඇල හේතුවෙන් එම සරුසාර වෙල් යායට ලුණු මිශ්‍රව තිබූ නිසා එය අත්හැර දමා රාජ සන්තක වීමට ඉඩ හැරීමට ඔවුහු තීරණය කළහ. අදටත් මෙම පරපුර ජීවත්වන අතර ඔවුන්ගේ උරුමය රටේ පරිසරය රැකීම වෙනුවෙන් ඇතැයි නිහතමානීව සතුටු වේ. එහෙත් මෙය දේශපාලකයින්ගේ පෞද්ගලික වාසියට විනාශ කිරීම කණගාටුවට කරුණකි...